Political 

අද පාර්ලිමේන්තු නොඑන්න මහින්ද – මෛත්‍රී සාකච්ඡාවක් ?

Reading Time: < 1 minute පාර්ලිමේන්තු සැසිවාරය සඳහා අද දිනයේදී සහභාගිවනවාද නැත්ද යන්න  පිළිබඳවත් ඇතිව තිබෙන තත්ත්වය යටතේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවත් තීරණාත්මක සාකච්ඡාවක් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය. මේ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිස් එක්වීමට නියමිතය. එම රැස්වීම් පෙ.ව. 8.00ට ජනපති ලේකම් කාර්යාලයේදී ආරම්භ වීමට  නියමිතය.එසේම මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඉදිරියේදී කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.

Read More
Political 

නීති උපදෙස් අනුව කතානායක හෙට පාර්ලිමේන්තුව නිතියානුකූල ලෙස කැඳවයි!

Reading Time: 1 minute ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව බදාදා උදෑසන 10 ට කැඳවන බව කතානායක මාධ්‍ය අංශය නිවේදනය කළේය.කතානායකවරයා විසින් එම තීන්දුව ගනු ලැබ තිබෙන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් නිකුත්කරන ලද ගැසට් නිවේදනය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කිරීමෙන් අනතුරුවය. එම තීන්දුවෙන් අනතුරුව පාර්ලිමේන්තුව යළි කැඳවීම සම්බන්ධයෙන් කතානායක කරු ජයසූරිය නීති උපදෙස් ලබාගෙන තිබේ.ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීමට ප්‍රථම පාර්ලිමේන්තුව නොවැම්බර් 14 වෙනි දින යළි කැඳවන බවට ගැසට් නිවේදනයක් නිකුත්කර තිබුණි. කතානායකවරයාගේ නිවේදනයට පෙරාතුව මාධ්‍ය අමතමින් අදහස් දැක්වූ පදවියෙන් පහකරන ලද අගමැති රනිල් වික්‍රමසිංහ, බදාදා පාර්ලිමේන්තුව යළි කැඳ වූ විට තමන්ට…

Read More
Political 

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීමක්!තවත් කණ්ඩායමක් එක්සත් ජාතික පක්ශෙට?

Reading Time: 1 minute එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීමක් ආරම්භ වී තිබේ. මෙම රැස්වීම සඳහා අමාත්‍යධුරයෙන් ඉවත් වූ මනූෂ නානායක්කාර මහතාද එක්ව සිටියි.මේ පිළිබඳව ට්විටර් නිවේදනයක් නිකුත් කරන හිටපු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසන්නේ ඉදිරියේදී තවත් පිරිසක් එක්සත් ජාතික පක්ෂය හා එක්වෙන බවයි. එසේම එක්සත් ජාතික පක්ෂයේ සිට ආණ්ඩුවට එක්වූ දුනේෂ් ගන්කන්ද පිළිබඳව කනගාටු වෙන බවයි. Manusha back with the UNP! More to come in the coming days?! Feel bad for Dunesh. #CoupLK @RW_UNP pic.twitter.com/rnys2gjKqC — Harsha de Silva (@HarshadeSilvaMP) November 13, 2018

Read More
Political 

ප්‍රාජාත්‍රන්තවාදය ජයගනී!ජනපතිගේ පාර්ලිමේන්තුව විසුරුවාලිම අධිකරණය තහනම් කරයි

Reading Time: 1 minute ප්‍රජාතන්ත්‍රවාදී සටනේ පළමු ජයග්‍රහණය හිමිවෙයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අත්හිටුවයි.ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටවුමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් අද (13) පස්වරුවේ නිකුත් කළා. මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර තිබෙන්නේ දෙසැම්බර් මස 18 වන දින දක්වා බලපැවැත්වෙන පරිදියි.අගවිනිසුරු නලින් පෙරේරා, ප්‍රියන්ත ජයවර්ධන සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් සලකා බැලුවා. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සම් සියල්ල විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන ලෙසයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබු‍ණේ. පාර්ලිමේන්තුව විසිරුවමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අනුව මහමැතිවරණය පැවැත්වීම තාවකාලිකව…

Read More
Political 

ජනපතික කල ව්‍යවස්ථා විරෝදී ක්‍රියාවන් ගැන කතානයකගෙන් විශේශ ලිපියක්

Reading Time: 1 minute පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අයිතිය බලෙන් පැහැරගැනීම පසුගිය සති දෙකේදී තමන් හොඳින් නිරීක්ෂණය කළ බව හිටපු කථානායක කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඔහු නිකුත් කළ නිවේදනය පාර්ලිමේන්තුව නියෝජනය කළ විවිධ පක්ෂ නායකයන් සිදු වී ඇති පාර්ලිමේන්තුව විසුරුවාලීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ එය අභියෝගයට ලක්කරන බැව් මට දන්වා සිටියහ. ජනාධිපතිවරයාගේ ක්‍රියාවන් හි නීත්‍යානුකූලභාවය තීරණය කිරීමෙහි පාර්ලිමේන්තුව සතු වගකීම සහ අයිතිය ජනාධිපතිවරයා විසින් වලක්වනු ලැබීමේ හේතුවෙන් මෙම කරුණ පිළිබඳව අර්ථ නිරූපණයක් ලබා ගතයුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයෙනි. මහජනතාව තමන් නියෝජනය කරනු සඳහා තෝරා පත්කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අයිතිය බලෙන් පැහැරගැනීම, පාර්ලිමේන්තුවේ භාරකරු ලෙස ගතවූ දෙසතිය තුළ මම…

Read More
Political 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවසන් ගමනේ මහින්ද ඇතුලු නිදහස් පක්ශේ 42 ක් පොහොටුවට

Reading Time: 1 minute අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අද දිනයේ නිල වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගන්නා ලදී. ඒ පොදුජන පෙරමුනේ සභාපති හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස් මැතිතුමන් අතිනි. ඒ සමඟම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, නාමල් රාජපක්ෂ, කනක හේරත්, කන්චන විජේසේකර, ඩී.වී. චානක, ප්‍රසන්න රණවීර, ඉන්දික අනුරුද්ධ, තේනුක විදානගමගේ, ශෙහාන් සේමසිංහ, ප්‍රියංකර ජයරත්න මන්ත්‍රීවරුන්ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය නිල වශයෙන් ලබා ගැනීමද මෙහිදී සිදු විය. ඉදිරි සති දෙක තුලදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීමට ඒකාබද්ධ විපක්ෂය කටයුතු කරන බවද එම පක්ෂයේ ලේකම් නීතීඥ්ඥ සාගර කාරියවසම් මහතා විසින් පවසන…

Read More
Political 

තවත් පර්ලිමේන්තුව කල් දාන්න ඉල්ලූ ඉල්ලීම කුණුකූඩයට බහුතරය පෙන්වීම 14 වෙනිදා

Reading Time: 1 minute බන 14 වැනි දා පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු ස්ථාවර නියෝග අත්හිටුවා ස්ථාවර රජයක් පිහිටුවීමට ඇති හැකියාව පිළිබඳ බහුතර මතය ප්‍රකාශ කිරීමට අවස්ථාව සැලසිය යුතු බව කථානායක කරූ ජයසුරිය මහතා පවසයි. කථානායක මාධ්‍ය අංශය මේ බව සඳහන් කළේ, ලබන 14 වන දින පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රය පිළිබඳව තීරණය කිරීම සඳහා අද පස්වරුවේ පැවති පක්ෂ නියෝජිතයන්ගේ නිල නොවන හමුවෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කරමිනි. එදින න්‍යාය පත්‍රය පිළිබඳව රජයේ ස්ථාවරය වී ඇත්තේ, පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් ජනාධිපතිතුමන්ගේ කැඳවීමේ නියෝගය සභාව වෙත කියවීමෙන් පසු දව‍සේ වැඩකටයුතු අවසන්කර එදිනට සභාව කල්තැබිය යුතු බවටයි.අනෙකුත් පක්ෂ නියෝජිතයන් එම මතයට ප්‍රතිවිරුද්ධ අදහසක්…

Read More
Political 

මනුශ්‍ය නානයක්කාර ඇමතිධූරය අතහරී රටේ ප්‍රජාත්‍රන්තවාදය රැකීමට එක්සත් ජාතික පෙර්මුන හා එකතුවෙයි

Reading Time: 1 minute මේ වන විට උද්ගත වී ඇති දේශපාලන වාතාවරණය හරහා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් කටයුතු කරන ආකාරය සිතා ගත නොහැකි තරම් පුදුම සහගත වී තිබේ.ඒ බව තහවුරු කරමින් පසුගියදා කම්කරු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා සිය නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව මේ දැන් වාර්තා වී ඇත. මනුෂ නානායක්කාර මහතා ජනාධිපතිවරයාට මේ බව ලිපියක් මාර්ගයෙන් දැනුම් දී ඇති බවද සදහන් වේ.එසේම නි.අමාත්‍යධුරය ලබා ගැනීමට පෙර සිටම මනුෂ නානායක්කාර මහතා ජනපතිවරයා සිදුකළ ක්‍රියාව අනුමත නොකර කටයුතු කළ අයෙකි.ඔහුගේ පෞද්ගලික මිතුරන් සමග හා පාක්ෂිකයන්…

Read More
Political 

තවමත් අගමැති රනිල් ! කාතානයකගෙන් විශේෂ ප්‍රකාශයක්

Reading Time: 1 minute සියල්ල ව්‍යවස්ථා විරෝධීව සහ සාම්ප්‍රදාය විරෝධීව සිදුකර ඇති බව බහුතරයේ අදහස වන බැවින් මෙම වෙනස්වීම් වලට පෙර පැවති තත්වය පිළිගන්නා ලෙස පාර්ලිමේන්තුවේ බහුතරය ඉල්ලා ඇති ‍හෙයින් ඔවුනට හා නව පාර්ශවයට හිමි බහුතරය පෙන්වීමට හැකිවන තුරු පෙර පැවැති තත්වය පිළිගැනීමට තමන්ට සිදුවන බව අවධාරණය කරන්නේ යැයි කථානායක කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. අද (05දා) ඔහු නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ මාතෘ භූමිය පෙර නොවූ විරූ ආකාරයේ අර්බුදකාරී ත්ත්තවයකට මුහුණ දී ඇති ඇවස්ථාවක තමා නිහඩව සිටියත් තම හෘදය සාක්ෂියට අනුකූලව කටයුතු කිරීම මේ වන විට ජාතික යුතුකමක් බවට පත්ව ඇති බවයි.

Read More
Political 

රටේ ප්‍රජාත්‍රන්තවදය ආරක්ෂාකිරීම වහාම පාර්ලිමෙන්තුව කැදවන ලෙස බල කරමින් රට පුරා උද්ගෝෂණ

Reading Time: 2 minutes අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට සහය පළ කරමින් අද දහවල් කොල්ලූපිටිය නගරය ඇතුලු රටේ ප්‍රධන නගර කිහිපයක උද්ඝෝෂණයක් පැවැත්වුණා. සාමකාමී අයුරින් පැවැති මෙම උද්ඝෝෂණයට සහභාගී වූ පිරිස් වත්මන් ආණ්ඩුවට විරෝධය පළ කළ බවයි වාර්තා වෙන්නේ. කුලියාපිටිය   කොල්ලුපිටිට ප්‍රාදේශය අගලවත්ත කොළඹ රත්නපුර

Read More
error: ‌වැඩක් බලාගත්තොත්...