Local 

රෝගින් සහ රෝගින් බලන්න එන පිරිස්ට නොමිලේ කන්න දුන් ජනපෝශ වසා දමයි

Reading Time: 1 minute නයිදිව පත්තර පඩංගුව විසින් පතුරුවා හරින ලද අන්තවාදී අමූලික අසත්‍යයක් හේතුවෙන් ජනපෝෂ පදනම නම් මුස්ලිම් දානපතියන් පිරිසක‌ගෙන් සුසැදි සංවිධානයක් විසින් 2012 සිට අඛණ්ඩව පවත්වාගෙ ආ රෝගීන්ට නොමිලේ ආහාර ලබා දීමේ සද්ක්‍රියාවක් නතර කර දැමීමට සිදුව තිබේ. අසරණ ජනතාව වෙනුවෙන් වසර ගණනක් පුරා සේවය සැපයූ ජනපෝෂ පදනම සිය නොමිලයේ ආහාර බෙදා දීමේ ව්‍යාපෘතිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන බව නිවේදනය කරයි.ඔව්න් පලකරන ලද නිවේදනේ පහතින් 2019 ජුනි මස 25 වෙනිදා සිට මෙලෙස සිය ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිය නවතා දමන බව දන්වා සිටින්නේ දැඩි කනස්සල්ලෙන් සහ කම්පාවෙන් යුක්තවය. ජනපෝෂ පදනම 2012 වසරේ පටන්…

Read More
Local 

මෙරට ඉතිහාසයේ නිපදවන ලද සුවිශාලම නෞකාව අද ජපානයට බාර දෙයි

Reading Time: 1 minute මෙරට ඉතිහාසයේ නිෂ්පාදනය කළ විශාලතම නෞකාව අද දින (21) ජපානයට භාරදෙනු ලැබුවා.ඒ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන්. කොළඹ ඩොක් යාර්ඩ් ආයතනය විසින් මෙම නෞකාව නිෂ්පාදනය කර ඇති අතර එය දිගින් මීටර 113 ක්. මෙම නෞකාව ගැඹුරු මුහුදු පත්ලේ අධි තාක්ෂණික කේබල් (රැහැන්) එළීම සහ ඒවායේ අලුත්වැඩියා කටයුතු (සන්නිවේදන රැහැන් සහ විදුලි රැහැන් යන දෙවර්ගයම) සඳහා යොදා ගැනිමට නියමිතයි. මෙම අවස්ථාවට වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා සහ පා.ම නලීන් බණ්ඩාර යන මහත්වරුන් සහභාගී විය

Read More
Local 

ගාල්ලේ ඩෙංගු රෝගීන් වැඩි විමේ අවධානමක්

Reading Time: < 1 minute ගාල්ල දිස්ත්‍රික්කයේ 2019 වර්ෂයේ මේ වනවිට ඩෙංගු රෝගීන් හතර දෙනෙකු මියගොස් රෝගීන් 1,700ක් වාර්තා වී ඇති බවත් මේ හේතුවෙන් ඉදිරි මාසය ඇතුලත දිස්ත්‍රික්කය තුළ ඩෙංගු රෝගය උත්සන්න වීමේ දැඩි අවදානමක් මතුව තිබෙන බවත් ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා පවසයි. පවතින වර්ෂාපතන තත්ත්වයේ ස්වභාවයත් මේ වනවිට වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාවත් අනුව මෙම ප්‍රකාශය සිදුකරන බවත් මේ පිළිබඳව සියලුදෙනාම දැඩි වගකීමකින් ක්‍රියා කලයුතු බවත් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පවසා සිටියේය. ඔහු මෙසේ පවසා සිටියේ ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව ගාල්ල හෝල් ඩි ගෝල් ශාලාවේදී අද (27) පැවැත්වූ අවස්ථාවේදී අදහස් දක්වමිනි….

Read More
Local 

කිසිසි ලෙසකින්වත් ශරියා විශ්ව විද්‍යාලයක් ලංකාවට අවශ්‍ය නැ

Reading Time: < 1 minute ශරියා විශ්වවිද්‍යාල මෙරටට අවශ්‍ය නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය. එහිදී තවදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා මෙසේ පැවසීය.“මද්‍රසා ඇතුලූ ඉස්ලාම් අධ්‍යාපන ආයතන පාලනය කිරීමේ කෙටුම්පත පිළිබඳව තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මහතා, එතුමාගේ අමාත්‍යාංශයේ නියෝජිතයින් සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයන් සමඟ අපි අද (17) සාකච්ඡා කළා. විශේෂයෙන් මද්‍රසා ඇතුලූ ඉස්ලාම් අධ්‍යාපන ආයතන පාලනය කිරීමේ එම කෙටුම්පතට එකතු විය යුතු සංශෝධන පිළිබඳව ද සාකච්ඡා කළා. තවදුරටත් නීතිපති දෙපාර්තමේන්තුවත්, මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයත් සමග සාකච්ඡා…

Read More
Local 

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු සිවිල් ආරක්ශක බලකායෙන් 10,247 ත්‍රවිධ හමුදවට සහයට

Reading Time: < 1 minute පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු මෙරට ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ සහායට සිවිල් ආරක්‍ෂක බළකා මූලස්ථාන 23කට අනුයුක්ත 10,247ක පමණ භට පිරිසක් දායකත්වය ලබාදෙන බව සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතාගේ උපදෙස් පරිදි, කොළඹ හා තදාසන්න ප්‍රදේශ ඇතුළුව දිවයින පුරා පිහිටි ආගමික ස්ථාන, රාජ්‍ය ආයතන හා පාසල් සඳහා මෙම සිවිල් ආරක්‍ෂක භටයන් රාජකාරි සඳහා යොදවා තිබේ. ඒ අනුව අනුරාධපුරය, මහඔය, වැලිඔය, හොරොව්පතාන, කැබිතිගොල්ලෑව, මැදිරිගිරිය, මොනරාගල, ගෝමරණ්කඩවල, පුත්තලම, අම්පාර, සේරුවිල, කන්තලේ, උහන, වවුනියාව හා විල්පත්තුව ඇතුළු දුෂ්කර ප්‍රදේශවලට අනුයුක්ත සිවිල් ආරක්‍ෂක භටයන් 773…

Read More
Local 

බදුර්දීන් හදිසියේම විදේශගතවෙයි

Reading Time: 1 minute කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අද රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළින් විදෙස් ගත වූ බව එහි ආරංචි මාර්ග කියයි. අද  රාත්‍රී 7.25 ට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.- 205 දරන ගුවන් යානයෙන් ඔහු මස්කට් බලා පිටත්ව ගිය බව එම ආරංචි මාර්ග සඳහන් කරයි -ලංකාදීප-

Read More
Local 

නියෝක් ටයිම්ස් පුවත්පත ලංකාව ගැන බොරු ප්‍රචාරාය කරයි

Reading Time: 1 minute ලංකාවෙ සිදුවූ පාස්කු සංහාරයෙන් පසුව මුස්ලිම් ජනතවට ප්‍රචන්ඩත්වයට මුහුණ දීමට සිදුව ඇති පවසමින් බොරු පුවත් වර්ථකිරිමක් මේවන විට නිව්‍යෝක් පුවත්පත සිදුකර තිබෙනවා. තවද මේ ලිපියෙන් පවසා ඇත්තේ ප්‍රහරය සිදුවූ පසු ක්‍රිස්තියානි පිරිමි පුදගලයන් මුස්ලිම් නිවාසවට කාඩා වැඩී නිවසවට පහරදෙමිනි මුස්ලිම් ජනතවට මාර්ගයට ඇද දමමින් පහර දුන් බවයි.කිසිම පිලිගත හැකි මුලාශයක් සදහන් නොකරමින් නිවසියන් කිව්වා..මිනිසුන් කිව්වා ලෙස ලියා ඇති මෙම ලිපිය නිසා ම්ල්ච්ච ලෙස සිදුකර ප්‍රහරයෙන් පසු රටේ බහුතර ජනතව හැසිරුණ වගකිම් සහගත ආකරයට අවමන් කර ඇත

Read More
Local 

ආණ්ඩුවෙන් බැහලා යන්න සූදානම් ගම්මන් පිල පවසයි

Reading Time: < 1 minute ආණ්ඩුවෙන් බැහලා යන්න සූදානම් බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපටදි පැවසුවා. “එක්සත් ජාතික පක්ෂය අධිකරණ බලය පාවිච්චි පාර්ලිමේන්තු මැතිවරණයක් 2020 මාර්තු එහෙම නැත්නම් අගෝස්තු දක්වා කල් දාන්න කටයුතු කළා. අපේ ඊළඟ පියවර ජනපති ලේකම් කාර්යාලයේ ජනපති සමග සාකච්ඡාවක් පවත්වනවා.අපි ආණ්ඩුවෙන් බැහැලා යන්න සූදානම්. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පස්වැනි වරටත් අගමැති ධූරයේ බාර ගැනීමේ අවස්ථාව උදාවී තිබෙනවා. එය සුදු අධිරාජ්‍යයවාදීන්ගේ පාලනයක් නොවේවා කියා අපි කියනවා”

Read More
Local 

ජනාදිපතිවරයා පාර්ලිමේන්තුව විසුරවීම ව්‍යවස්ථාවිරෝධි බව අධිකරණය ප්‍රකාශකරයි!

Reading Time: 1 minute ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය නොවැම්බර් 09 වනදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය මින් මොහොතකට පෙර ඒකමතිකව තීන්දු කළේය.බ්‍රහස්පතින්දා සවස හතරට තීන්දුව ප්‍රකාශ කිරීමට නියමිතව තිබුණ ද, විනිසුරු මඬුල්ල අසුන් ගත්තේ සවස පහට පමණය.   Supreme Court bench unanimously rules that President Sirisena’s Gazette to dissolve Parliament is unconstitutional. #lka #srilanka #couplk #politicalcrisislk #constitutionalcrisislk pic.twitter.com/4CSWaw2p9I — Groundviews (@groundviews) December 13, 2018 ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීම සම්බන්ධ පෙත්සම් විභාගය අගවිනිසුරු නලීන් පෙරේරාගේ ප්‍රධානත්වයෙන් දෙසැම්බර් 4 වනදා සිට 7 වනදා දක්වා පැවත්විණි.බුවනෙක අළුවිහාරේ, ‍ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන,…

Read More
Local 

අගමැති රනිල්ම පමණයි එකසත්ජාතික පෙරමුණ ජනපතිට නිලවශයෙන්දන්වයි

Reading Time: 1 minute ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් අතර පැවැති සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන්වී ඇති බව වාර්තා වෙයි. ඒ අනුව මේ සම්බන්ධයෙන් නැවතවරක් එළැඹෙන 02 දා සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය වී තිබේ. මෙම සාකච්ඡාවට මත්තෙන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා ද්‍රවිඩ ජාතික සන්ධානය අතරද සාකච්ඡාවක් පැවැත්වීය. එක්සත් ජාතික පක්ෂයේ අගමැති ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නම් කරන බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම් මහතා ද්‍රවිඩ ජාතික සන්ධානය වෙත දන්වා තිබේ.ද්‍රවිඩ ජාතික සන්ධානය විසින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යොමුකරමින් සඳහන් කළේ ඔක්තෝබර් 26 දාට පෙර පැවැති රජය…

Read More
error: ‌වැඩක් බලාගත්තොත්...