BreakingNews 

මලාදිවයිනේදා නව ආණ්ඩුවේ ඇමතිවරුන් පහලට දාලා හිටපු ජනපති මුලසුනට

Reading Time: 1 minute

පසුගිය ඔක්තෝබර් 26වන මහින්ද මහතා ව්‍යවස්ථා විරෝධීව අගමැතිවරයා ලෙස දිවුරුම් දුන්න ද ඔහු නිල අගමැති වශයෙන් පිළිගැනීමට තම රට සුදානම් නැති බව මාලදිවයින ආණ්ඩුව සිය භාවිතාවෙන් ම ඔප්පු කර හමාර ය.ඒ, ඊයේ මාලදිවයිනේ අභිනව ජනාධිපති ලෙස පත්වූ ඊබ්‍රාහිම් මොහොමඩ් සොලිහ් සිය ජනාධිපතිධුරයේ දිවුරුම් දෙන අවස්ථාවට කලාපයේ සියලුම රටවල රාජ්‍යනාකයන් සහභාගිවී සිටියත් ශ්‍රි ලංකාව නියොජනය කරමින් නව අගමැති මහින්ද රාජපක්ශ මහතාට ආරාධනා නොකිරීමෙනි…

(Twitter/@narendramodi)

මෙය වඩ වඩාත් තහවුරු වන්නේ අදාළ උත්සවයට ශ්‍රීලංකා නියෝජිතයකු ලෙස සහභාගි වූ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් අමුණුගම මහතා ලංකාවේ නව ආණ්ඩුවේ විදේශ ඇමති වූවත්, හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ යන මහත්වරුන්ට කුඩම්මාගේ සැලකිලි දැක්වීමෙනි.

හිටපු ජනපති රාජ්‍යනායකයන්ගේ ආසන වල (Twitter/@narendramodi)

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාට මෙම උත්සවයට සහභාගිවන්නැයි ආරාධනාවක් හෝ ලැබී නැති අතර හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මෙම උත්සවයට සහභාගි වී තිබෙන්නේ ඒ සඳහා ලබාගත් විශේෂ අවසර පත්‍රයකිනි.
යට සඳහන් කළ ආකාරයට මෙරට නීති විරෝධී ආණ්ඩුව නියෝජනය කරමින් එහි ගොස් සිටි වූ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් අමුණුගම සහ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ යන මහත්වරු නොසලකා හැර ඇති බවට කදිම සාක්ෂියක් පවතී.

නව රජයේ ඇමතිවරු (Twitter/@narendramodi)

එනම්, මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල් නෂිඩ් සහ ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අසල ම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකාබණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට අසුනක් පැනවීමෙනි. මෙම උත්දවයේ දී හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට වෙන් කර තිබී ඇත්තේ පසුපෙළ අසුනකි.

ඉන්දීය අගමැති චන්ද්‍ර්කා බණ්ඩරනයක සමග (Twitter/@narendramodi)

ව්‍යවස්ථා විරෝධී ලෙස ශ්‍රී ලංකා ආණ්ඩුව අත්පත් කරගත් නියෝජිතයෝ උත්සවය නිමවීමෙන් අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවීමට උත්සාහ දරා ඇත. එහෙත් මෝදි එම නියෝජිත පිරිස මගහැර ගොස් ඇත. ආණ්ඩුවේ නියෝජිත පිරිස මගහැර ගිය මෝධි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සමග සුහද සාකච්ඡාවක නියැළී ඇත.

cover photo :(Twitter/@narendramodi)

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...