Entertainment Sport 

මුන් ආවොත් අපි ඉවරයි…සුපි‍රි කැච් එක ගත් Fabian

Reading Time: 1 minute

මේ දිනවල ක්‍රිකට් ලෝකයේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇති තරඟාවලිය වන්නේ CPL තරඟාවලියයි.මෙහි පසුගියදා පැවති 4 වන තරඟයේදී අතිරේක ක්‍රීඩකයෙක් විසින් රැකගත් සුපිරි උඩපන්දුවක් වෙත සියල්ලන්ගේ අවධානය යොමුව තිබෙනවා.

මෙලෙස විශිෂ්ඨ අන්දමින් හතරේ සීමාව ආසන්නයේදී උඩපන්දුව ගුවනේදී රැකගන්නේ Fabian Allen නම් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයා විසින්.ඔහු තරඟයට එක්වන්නේ අතිරේක ක්‍රීඩකක් ලෙසටයි.කෙසේවෙතත් තරඟය අතරතුර ඔහුට තම දක්ෂතාව ලොවටම පෙන්වන්නට මේ අවස්ථාව හිමිවනවා.විචාරකයන් සඳහන් කරන්නේ මොහු මේ වනවිට සුපිරි වීරයෙක් වී හමාර බවයි.මේ අතර ඇතැමුන් පවසන්නේ පවසන්නේ ඔහු රැකගත් මෙම උඩපන්දුව 2017 වසරේ සුපිරිම උඩපන්දුව විය හැකි බවයි.JN Mohammed විසින් එල්ලකළ පහරක් හතරේ සීමාව ආසන්නයේ සිටි Fabian Allen විසින් මෙලෙස විශිෂ්ඨ අන්දමින් රැකගන්නේ.

තරඟය පැවැත්වුනේ St Kitts and Nevis Patriots සහ Guyana Amazon Warriors අතරයි.ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් St Kitts and Nevis Patriots කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 132 ක් රැස්කරගත්තා.සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ගෙල් ලකුණු 66 ක් රැස්කර ගත්තේ හතරේ පහර 4 ක් සහ හයේ පහර 2 ක් සමඟින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Guyana Amazon Warriors කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 128ක් පමණයි.ඒ අනුව තරඟයේ ජය හිමිවූයේ St Kitts and Nevis Patriots කණ්ඩායමටයි.තරඟයේ වීරයා වූයේ ගේල්.

මේ අතර Fabian Allen විසින් සුපිරි උඩපන්දුව රැකගෙන නැවත ක්‍රීඩාගාරයට හරවා යවන්නේ ඒ වනවිට Guyana කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන යාමට වෙහෙස වූ JN Mohammed වීමද කැපී පෙනුනා.හසන් අලී යොමුකළ පන්දුවකට JN Mohammed එල්ලකළ පහර Fabian Allen විසින් ගුවනේ පියඹා ගොස් රැකගත් අයුරු පහතින්.

 

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...