Political 

මහින්ද නිලවශයෙන් පරාජය ලබයි.තමන් හැර යන මන්ත්‍රින් දැක මහින්ද ප්‍රමුක එකාබද්දේ යකානටයි

Reading Time: 1 minute

අද උදෑසන 8.30ට පැවති පක්ෂ නායක රැස්වීමෙන් පසුව, මහින්ද රාජපක්ෂට අද පාර්ලිමේන්තුවේදී අගමැති අසුන පිරිනැමීමට සියලු පාර්ශ්ව එකඟ වුණා.

එසේම ජවිපෙ විසින් විශ්වාසභංග යෝජනාවක් ද කතානායක වෙත භාරදෙනු ලැබූ අතර, එය සලකා බැලුවා.

ගාල්ල දිස්ත්‍රික් මංත්‍රී මනුෂ නානායක්කාර එජාපයට සහය දෙන බවත්, වසන්ත සේනානායක ඡන්දය දීමෙන් වැළකී සිටින බවත් වාර්තා වනවා. විශ්වාස භංග යෝජනා ලිපිය පහතින්.
එසේම ෆවුසි මනුෂ පියසේන ගමගේ ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයට පැමිණ ඉදගෙන තිබෙනවා. නමුත් ආණ්ඩුපක්ෂය සභාගර්භය මැද කලබලයක් ඇතිකරගත් අතර විපක්ෂ ස්ථාවර නියෝග අත්හිටවා විශ්වාස බන්ගය ගෙන ආ බව කියන අතර එයට කිසිවකු විරුද්ධ නොවූ බවත් ආණ්ඩුපක්ෂය සභාගර්බය මැද කලබල කල බවත් පවසනවා.

නමුත් දිනේෂ් ගුණවර්ධන පවසන්නේ එය ඔවුන් පිලි නොගන්නා බවයි. නිල වශයෙන් මේ වන විට සදහන් වන්නේ 26 පත් කල ආණ්ඩුව පරාජයට පත්වූ බවයි.

මේ අනුව පෙනී යන්නේ මහින්ද මෛත්‍රී පාර්ශවය මෙය පිළිනොගෙන තවත් අර්බුධය දැඩි ලෙස ඉදිරියට ගෙන බවයි. දැන් පැහැදිලි වන්නේ ආණ්ඩුවට අද 3 දෙනකුගේ පක්ෂය මාරුවත් සමග තවත් මන්ත්‍රී වරු අඩු වී ඇති බවයි. දිගින් දිටම පාර්ලිමේන්තු සම්ප්‍රදාය බලහත්කාරෙන් කඩ කරමින් සිටින බවයි මාධ්‍යවේදීන් පවසන්නේ.

පාර්ලිමේන්තුව නැවත හෙට (15) 10 ට රැස්වීමට නියමිත අතර. විදෙස් තානාපති කාර්යාල නියෝජිත හා විදෙස් මාධ්‍ය ගණනාවක් මෙය නැරබීමට පැමිණ සිටි පසුබිමකයි මෙවන් සිද්දියක් සිදුවුයේ. මේ වන විට විපක්ෂ හා පක්ෂ පිරිස් වෙනම පාර්ලිමේන්තුව තුල රැස්වීමකට සහභාගී වී සිටිනවා

පාර්ශව දෙක පරස්පර විරෝධී මත දරන අතර බහුතරය පවතින්නේ එජාපය ඇතුළු පිරිසට වන අතර එය පිළිගැනීමට මහින්ද පාර්ශවය සුදානම් නැති අතර වැඩි දුර විස්තර බලාපොරොත්තුවන්න

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...