Political 

නීති උපදෙස් අනුව කතානායක හෙට පාර්ලිමේන්තුව නිතියානුකූල ලෙස කැඳවයි!

Reading Time: 1 minute

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව බදාදා උදෑසන 10 ට කැඳවන බව කතානායක මාධ්‍ය අංශය නිවේදනය කළේය.කතානායකවරයා විසින් එම තීන්දුව ගනු ලැබ තිබෙන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් නිකුත්කරන ලද ගැසට් නිවේදනය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කිරීමෙන් අනතුරුවය.

එම තීන්දුවෙන් අනතුරුව පාර්ලිමේන්තුව යළි කැඳවීම සම්බන්ධයෙන් කතානායක කරු ජයසූරිය නීති උපදෙස් ලබාගෙන තිබේ.ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීමට ප්‍රථම පාර්ලිමේන්තුව නොවැම්බර් 14 වෙනි දින යළි කැඳවන බවට ගැසට් නිවේදනයක් නිකුත්කර තිබුණි.


කතානායකවරයාගේ නිවේදනයට පෙරාතුව මාධ්‍ය අමතමින් අදහස් දැක්වූ පදවියෙන් පහකරන ලද අගමැති රනිල් වික්‍රමසිංහ, බදාදා පාර්ලිමේන්තුව යළි කැඳ වූ විට තමන්ට බහුතර බලය තිබෙන බව සනාථ කිරීමට තමන් සූදානම් බව කියා සිටියේය.මින් අනතුරුව ගතයුතු පියවර සාකච්ඡා කිරීම පිණිස කතානායකවරයා විසින් බදාදා සියලු පක්ෂ නායකයන්ගේ රැස්වීමක්ද කැඳවා තිබේ.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...