Political 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවසන් ගමනේ මහින්ද ඇතුලු නිදහස් පක්ශේ 42 ක් පොහොටුවට

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අද දිනයේ නිල වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගන්නා ලදී. ඒ පොදුජන පෙරමුනේ සභාපති හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස් මැතිතුමන් අතිනි.

ඒ සමඟම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, නාමල් රාජපක්ෂ, කනක හේරත්, කන්චන විජේසේකර, ඩී.වී. චානක, ප්‍රසන්න රණවීර, ඉන්දික අනුරුද්ධ, තේනුක විදානගමගේ, ශෙහාන් සේමසිංහ, ප්‍රියංකර ජයරත්න මන්ත්‍රීවරුන්ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය නිල වශයෙන් ලබා ගැනීමද මෙහිදී සිදු විය.

ඉදිරි සති දෙක තුලදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීමට ඒකාබද්ධ විපක්ෂය කටයුතු කරන බවද එම පක්ෂයේ ලේකම් නීතීඥ්ඥ සාගර කාරියවසම් මහතා විසින් පවසන ලදී.

ඉදිරි මැතිවරණයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ නායකත්වයෙන්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කොට ගත් සංධානයකින් මැතිවරණයට ඉදිරිපත් වන බව මාධ්‍ය වෙත අදහස් දැක් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පැවසීම සුවිශේෂී කරුණක් බව දේශපාලන විචාරකයෝ පවසති.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...