Local 

‌දළදා පෙරහැරත් එක්ක නුවර කුණු ටොන් 200

Reading Time: 1 minute

ඊයේ දිනයේ නුවර දළදා පෙරහැර ඊයේ දිනයෙ රන්දෝලි පෙරහැරින් නිමාවට පත්විය.ශ්‍රී දළදා මාලිගාවේ ඇසල මහා මංගල්‍යය සමයේ මහනුවර නගර සීමාව තුළ ටොන් 200 ට අධික අමතර අපද්‍රව්‍ය ප්‍රමාණයක් එක්රැස් වී ඇති බව නාගරික යාන්ත්‍රික ඉංජිනේරු සහ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පවසයි.

බැතිමතුන් විසින් අපද්‍රව්‍ය කිසිම වෙන් කිරිමකින් තොරව මහමග දාමා ගොස් ඇත එමෙන්ම ඔව්න් රැගන ආ පොලිතින් එලෙසම දාමාගොස් ඇත.සතුන් ආහාරය ගත් පෙදෙයක් ලෙස අද මහනුවර නගරය උදේකාලේ දක්නට ලැබුණි

මහ මග පොලිතීන් දමා ගිය ආකාරය

කසල කිසිම වෙන් කිර්මක් නොමැතිව මෙලෙස අමනයන් සේ දමා ගොස් ඇති නිසා මේවා ප්‍රතිචක්‍රියකරණය කිරීමට හැකියාව තිබුනද කිර්ම්මට ඉතා අපහසුවේ.නමුත් මහනුවර කුණු කදු ගැසුන විට පරවල් බ්ලොක් කර උද්ගොෂණ කිරීමට නම් දහස් ගණන් ජනයා සිටිති.

කිසිම වෙන්කිරීමකින් තොරව පාරේ කුණු දමාගොස් ඇති ආකරය

 

මේ අතර පෙරහැර නැරඹිමට පැමිණි විදේශිකයන් ඔව්න් ගෙන ආ පොලිතින් නැවතොවුන්ම ආපසු ගෙන යන ලදි .අපේ රටේ ජනයා අමනයන් ලෙස හැසිරෙන විට පිට රටක පුද්ගලයන් එලෙස හැසිරිම ප්‍රශංසනීය .පහල රුපයේ දැක්වෙන්නෙ විදේශිය කන්තාවක් ඇය ගෙන ආ පොලිතින් නැවත ඔතා ගෙනයාමට සැරසී සිටින ආකරයයි.

විදේශිකයන් පොලිතින් නැවත යන ආකාරය

 

බැතිමතුන් විසින් දමා ගිය කසල නගර සභාවේ සේවකයන් යොදවා පැය කිහිපයකින් ඉවත් කර මහනුවර හරිත කලාපය රැක ගැනීමට තම නිලධාරීන් දැඩි වෙහෙසක් ගත් බවත් ඒ සඳහා දායක වූ සියලුම සේවකයන්ට සිය ස්තුතිය පුද කරන බවත් නාගරික යාන්ත්‍රික ඉංජිනේරු සහ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රධානී නාමල් ධම්මික දිසානායක කියා සිටියේය.

 

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...