Political 

මනුශ්‍ය නානයක්කාර ඇමතිධූරය අතහරී රටේ ප්‍රජාත්‍රන්තවාදය රැකීමට එක්සත් ජාතික පෙර්මුන හා එකතුවෙයි

මේ වන විට උද්ගත වී ඇති දේශපාලන වාතාවරණය හරහා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් කටයුතු කරන ආකාරය සිතා ගත නොහැකි තරම් පුදුම සහගත වී තිබේ.ඒ බව තහවුරු කරමින් පසුගියදා කම්කරු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා සිය නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව මේ දැන් වාර්තා වී ඇත.

මනුෂ නානායක්කාර මහතා ජනාධිපතිවරයාට මේ බව ලිපියක් මාර්ගයෙන් දැනුම් දී ඇති බවද සදහන් වේ.එසේම නි.අමාත්‍යධුරය ලබා ගැනීමට පෙර සිටම මනුෂ නානායක්කාර මහතා ජනපතිවරයා සිදුකළ ක්‍රියාව අනුමත නොකර කටයුතු කළ අයෙකි.ඔහුගේ පෞද්ගලික මිතුරන් සමග හා පාක්ෂිකයන් සමග මේ සම්භන්දයෙන් ඒ මහතා ඉතා විවෘත්තව කතා බහ කර ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ලදී.

කෙසේ වෙතත් ව්‍යවස්ථාවට විරුද්ධව 2019 ජනාධිපති සිහිනය දකිමින් සිටින මෛත්‍රීපාල සිරිසේන මහතා හට මෙය එතරම් හොඳ පුර්වාදර්ශයක් නොවන බව අපගේ හැඟීමයි.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...