Entertainment Movie 

ලොවම පුදුමකල ගේම් ඔෆ් ට්‍රෝන් කතංගය

Reading Time: 2 minutes

ඊයේ දිනයේ HBO නාලිකාවෙන් විකාශනය වූ Game of Thrones Season 7 Episode 4 එක ඉතා විශේෂිතම එපිසෝඩ් එකකි.මෙම එපිසෝඩ් එකකට පමණක් යොදාගත් ක්ෂණ ලොව අන්කිසි සම්පුර්ණ චිත්‍රපටයකට යොදාගත් තාක්ෂණැයට වඩා උසස්වේ.

මෙහීදී කැලීසි තම මකරුන් වෙස්ට් හෝල් වෙත ගෙනගොස් ප්‍රථම වරට ප්‍රහාර එල්ල කරයි.මෙම සටන ඉතා දරුණු සටනකි.මෙහි අධ්‍යක්ෂක පවසන්නේ මෙහි යුධ්භූමියේ ප්‍රධාන චරිතය ලෙස ජෙමිව යොදාගත් බවයි.

මකර ගින්දර ජෙමී දකින ආකාරය රුපගත කල ආකාරය

ඉහත රූපයේ දැක්වෙන්නේ මකර ගින්දර වැදී මුලු පෙදෙසම අලෝකමත් වන ආකාරයයි.ඔවුන් පවසන ආකාරට ටිරියන් ගේ චරිතය ඉතා තිරණාත්මක වූ බවයි.එක අතක ඔහු ආදරය කරන තම සහෝදරයාද අනෙක් අත ඔහු පක්ෂපාති රැජිණ සිටි.ඔහුගේ මූහුණේ හැගිම් පෙන්වීම ඉතා උසස් ආකාරයෙන් සිදුකල යුතුය.

ට්‍රිලියන් රුපගත කිර්ම් අතර

එමෙන්ම ගිනිගැනීම නිසා ඇතිවන පසුතලය නිර්මාණය කිරීමට මහත් වෙහෙසක් ගැනීමට සිදුවිය.මැරුණ අශ්වයන් සහ පිල්ලුණු මිණිසුන් නිර්මාණය කිරීම ලෙහෙසි පහසු කාර්‍යක් නෙවේ.එමෙන්ම ගිනිගැනිම් ඇතිකිරීමට පෙට්‍රල් සහා ගැස් වර්ග යොදාගෙන ඇත.

තෙල් වර්ග යොදා ගිණි ගැනීම් සාදන ආකරය

මෙම දර්ශන තලයේ සිදුවූ විශේෂතම සිදුවීම වූයේ මකරා සටනට එක්වීමයි.ඔවුන් මකරා ඉගිලෙන ආකාරය නිර්මාණය කිර්මට විශේෂයෙන් සාදන ලද ඩ්‍රෝනා යානාවක් යොදාගත්තාය.මක‍රාගේ සිට පෙනන ආකාරය යේ රුපරාමු ලබාගත්තේ ඒකාරයෙනි.

මකරාගේ රුපරාමු නිර්මාණයට ගත් ඩ්‍රොණ යානය

එමෙන්ම මකරා පිට ගමන්ගන්නා කැලීසි ගමන් කරන ආකරය නිර්මාණය කිරීමට Green Screen තාක්ෂණය යොදාගෙන ඇත.මකරා වෙනුවට ප්ලාස්ටික්වලින් සාදන ලද ආකෘතියක් යොදාගෙන ඇත.

මකරාවෙනුවට යොදාගත් ආකෘතිය

එම ආකෘතිය පරිගණකය ආධාරයෙන් මකරෙක් බවට පත් කරයි පහල රූපයේ තිබෙන්නේ මකරා නිර්මාණය කල ආකාරයවේ.

මකරා පරිගණකයෙන් නිර්මාණය කල ආකාරය

 

ඔවුන් එකිනෙකට වෙනස් කැමරා 4 යොදාගෙන ඇත.කේබල් කැමරා සහා ට්‍රක් එකක රදවන ලද කැමරා යොදාගෙන ඇත.

ගිනිගත් සෙබලුන් පෙන්වීමට ඇත්තටම සෙබලුන් ලෙස සිටීමට සිදුවූ නලුවන් හට ගිණි ගැනීමට සිදුවිය ඔවුන් විශේෂ ආරක්ෂිත ඇදුමක් යොදාගෙන එම ඇදුමට ගිණි තබාගනිමින් එම දර්ශණ වලට පෙනීසිටීහ.

ඇත්තටම ගිණි ගන්නා සෙබලෙක්

එක එපිසෝඩ් එකකට කොපමණ තාක්ෂණයක් ඔවුන් යොදා ගෙන ඇද්ද.එමෙන්ම කොපමණැ මුදලක් වැයකර ඔවුන් මෙම දර්ශණ රුගතකර ඇත්ද….පුදුමයිනෙද යාලුවනේ…අනිවා කොමන්ට් කරන්න..අමතක නොකර අපිව ලයික් කරන්න….😉😉😉😘😘🔥🔥🔥

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...