Uncategorized 

මැතිසබේ දොර ඇරපිය ජනමතේට ගරුකරපිය-ප්‍රජාත්‍රන්තවදය රැකගැනිමේ සටන අඹ්යි

Reading Time: 2 minutes

ප්‍රජාත්‍රන්තවාදය රැකැගැනීම වෙනුවෙන් සංවිධනයක කරන ලද එක්සත් ජාතිකපක්ෂයේ විරොදතවය මේවන විට කොල්ලුපිටිය අරලිගහ මැදුර ඉදිරිපස පවතිනවා.මේ සඩහා අතිවිශාල ජනකායක් අරලිගහ මැදුර සහ කොල්ලුපිටිය මංශන්ධිය අවට රැස්ව තිබෙනවා මේ එහි ඡයාරුප කිහිපයක්.

මෙහිදී අදහස් දැක්වූ රනිල් වික්‍රම සිංහ මහතා පැවසුවේ,

” ‌පාර්ලිමේන්තුවේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න අපි ඉදිරියට ගියා. අපි නොහිතපු අවස්ථාවක මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වරම කඩා දාලා විධායක ජනපති බලය අතට ගන්න හදනවා. ඒකට අපි විරුද්ධයි. ජනතාව කැපවෙන ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන දෙන්න. සඳුදා වෙනකොට හිර කාරයෝ වගේ වෙයි කියලා හිතුවා. ජනතාව සංවිධානය වෙනකම් මේ අරලිය ගහ මන්දිරය ප්‍රජාතන්ත්‍රවාදයේ සංඛේතය බවට පත්කළා.

වහාම පාර්ලිමේන්තුව කැඳවන්න කිව්වා. ඒ වෙනුවට පාර්ලිමේන්තුව කල් දැම්මා. ඒකට අපි ඉඩ දෙන්නේ නෑ. ඡන්දයත් පාර්ලිමේන්තුවත් පාගලා දාන්න ඉඩ දෙන්නේ නෑ. අරලිය ගහ මන්දිරයෙන් පටන් ගත්ත සංඛේතය රට වටේම ගිහින්.

අපි ජයග්‍රහණය කරනවා. අපි මේක පාවාදෙන්නේ නෑ. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්න අනිත් පියවරටත් යන්න අපි ලෑස්තියි. අපි ආණ්ඩුවක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ඉදිරියට යනවා.” යැයි රැළිය අමතමින් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...