Uncategorized 

පාර්ලිමේන්තු මන්ත්‍රි අර්ජුණ රණතුංග අත්අඩංගුවට ගනී..

Reading Time: 1 minute

ඊයේ (28) දිනයේදී දෙමටගොඩ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ඛණිජ තෙල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුණ රණතුංග මිට සුළු වෙලාවකට පෙර කොළඹ අපරාධ ව්මර්ශණ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සදහන් කර සිටියි.

පොලිස්පතිවරයාගේ නියෝග මත මෙම සිදුවීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාශය විමර්ශනය සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කර සිටියේ.

පාර්ලිමේන්තු මන්ත්‍රි අර්ජුණ රණතුංග අද (29) කොළඹ අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

දෙමටගොඩ පිහිටි ඛණිජ තෙල් සංස්ථා මුලස්ථානයේදී ඊයේ ඇතිවූ කළහකාරී සිදුවීමෙන් එක් පුද්ගලයෙක් වෙඩි වැදීමෙන් මිය ගියා. හිටපු අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරියා විසින් එම වෙඩි තැබීම සිදුකළ බවයි ප්‍රකාශ කෙරුනේ.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...