Lates 

‌සංවර්ධනයට ,විදේශිකයන්ට බය මිනිසුන්

පසුගිය දින ඉන්දීය රුපවාහිනි වැඩසටහනකට “සද්ගුරු ජග්ගී වාසුදේව්” සහභාගි විය.ඔහුගේ මාත්ෘකාව වූයේ මෙම කලයෙ නිතර දක්නට ලැබෙන උද්ගොෂණ හා වැඩවර්ජන පිළිබඳයි.මෙය ඉන්දියාවේදී ප්‍රකාශ කලද ලංකාවට කොපමණ ගැලපෙනවාදැයි මදක් කියවා ඔබම සිතා බලන්න….

වේල්ලක් සෑදීමට උත්සහ කළහොත් විරුද්ධ වෙනවා. න්‍යාෂ්ඨික බලාගාර ව්‍යාපෘතියක් සෑදීමට උත්සහ කළහොත් විරුද්ධ වෙනවා. තාප බලාගාරයක්,සුළං බලාගාරයක් හදන්න උත්සහ කළහොත් එයටත් විරුද්ධ වෙනවා.

හැබැයි හැමෝටම හැමදෙයම අවශ්‍යයි පැය 24 පුරා තමන් හට විදුලි බලය අවශ්‍ය වෙනවා සේම නිවෙස්වල හැම අඩුපාඩුවක්ම ඔවුන්ට අවශ්‍යයි. අපි සෑම දෙනාම පුරුදුව සිටින්නේ ප්‍රශ්නයන් දෙස බැලීමට පමණයි. කිසිම කෙනෙකු විසඳුම් සෙවීමේ අභියෝගයන් භාර ගන්නට අකැමතියි. මෙය මා දකින්නේ අපි නිදහස ලැබීමට පෙර යුගයේ සිතුවිළි තුළ තව දුරටත් රැඳී ජිවත් වීමක් ලෙසයි.

මහත්මා ගාන්ධිතුමා ඉංග්‍රීසින්ට එරෙහිව ඉතා ප්‍රබල එමෙන්ම අති සාර්ථක කැරැල්ලක් නිර්මාණය කළා. ඉංග්‍රීසින්ට වෙඩි තබා,බෝම්බ අටවා ඝාතනය කරන ලෙසට ඔහුගේ අදහස් වලින් කියවුනේ නැහැ. ඔහු ඉදිරිපත් කලේ සරල ක්‍රම වේදයක්. හර්තාල් සහ සත්‍යග්‍රහ වැනි සරල මෙවලම්. එදා වැනි යදම්වලින් ඇද-බැඳ දමා තිබුනු යුගයකට ඔහුගේ මෙවලම් ගැලපුනා.
මම ඔබට රහසක් කියන්නම් .

මේ යුගයේ ඔබට නායකයෙක් වෙන්නට අවශ්‍යද ? හැබැයි මෙය රහසක් ලෙසින් තබාගන්න ! ඔබට දේශපාලන නායකයෙක් වෙන්නට යම් අදහසක් ඔබ තුළ ඇත්නම් ඔබ කළ යුත්තේ පාරක් කැපීමවත් වේල්ලක් සෑදීමවත් වැනි කිසිදු ක්‍රියාවක් නොවේ.

ඔබ කළ යුත්තේ මෙයයි. ආධාරකරුවන් සිය දෙනෙකු එකතු කර ගන්න. මහා මාර්ගයක් හරස් කරන්න. පොදු ජන දිවිය අකර්මන්‍ය කරන්න. ඔබ අනිවාර්යයෙන්ම නායකයෙකු බවට පත් වේවි. අවාසනාවක මහත නම් මෙයයි සත්‍යය. පාරක් හරස් කොට ,බස් සහ කෝච්චි මාර්ග අවහිර කොට, ජලය සහ විදුලි බලය විසන්ධි කොට ඔබ නායකයෙකු බවට පත් වේවි. වැදගත් යම් දෙයක් කළහොත් ඔබ ඇගැයීමකට හසුවන්නේ නැත. ඔබව ප්‍රතික්ෂේප වීමක් සිදුවෙයි.

ජාතියක් ඉදිරියට ගෙන යෑම සහ ජාතියක ඉදිරි ගමන අඩාල කිරීම යනු එකිනෙකට පරස්පර තාක්ෂණයන් දෙකකි. ගාන්ධිතුමා යනු ජාතියක් කෙසේ නතර කරන්නද යන්න පිළිබඳව අත්හදා බැලූ අයෙක්. එකල පිටස්තරයන් විසින් අපව පාලනය කල යුගයක එවැනි ක්‍රියාවක් සුදුසුවුවද වර්තමානයේදී එම ක්‍රියාවන් සිදු කරමින් පසුවුවහොත් කෙසේ වේද? “අපිට හර්තාලයක් කිරීමේ මිනිස් අයිතිය තියෙනවා”. “ඒ අයිතිය අපිට ලබා දෙන්න” කියලා මිනිස්සු ප්‍රාන්ත ආණ්ඩු ඉල්ලා හර්තාල් කරාවි. සැබැවින්ම හර්තාල් කියන්නේ සම්පූර්ණයෙන්ම වසා දැමීමක්.

පාලනාධිකාරියක් විසින් හර්තාලයක් ප්‍රකාශයට පත් කරන්නේ කෙසේදැයි කියා මට සිතා ගැනීමටත් අපහසුයි. නමුත් ඔවුන් පවසනුයේ හර්තාල් කිරීමේ අයිතිය ඔවුන්ට ඇති බවයි. ඔවුන්ගේ අරමුණ වනුයේ යමක් වසා දමා ඉහළට ඒමයි. මෙවැනි අරමුණු වෙනස් විය යුතුයි.
යම් දෙයක් වලකාලන්නට උත්සහ ගන්නා මෙවැනි මිනිසුන් රටේ නායකයන් ලෙසින් හඳුනා ගැනීම වැරදි සහගතයි. මෙය අප රටේ සෑම පුරවැසියෙකුම සැලකිල්ලට ගත යුතුවුත්,වටහා ගත යුතුවුත් කරුණක්. කවුරුන් හෝ වේවා මේ රටේ මෙවැනි යම් දෙයක් නතර කිරීමට හෝ එයට අකුල් හෙළන නායකයන් යැයි කියාගන්නා අය රටක නායකයෝ නොවෙති. පවතින යමක් කළ හැකි පුද්ගලයන් කවුරුන්ද ? ජාතියක සැබෑ නායකයන් වනුයේ ඔවුන්ය.
. උපුටා ගත්තෙ Christy Rajendran
උපුටා ගැනීම අවසන්…………………

මදක් සිතා බලන්න අපිත් සිටින්නේ මෙම මානසික තතවයේ නේද සුද්දෙක් ලංකාවට ආයෝජනයට පැමිණිනවා කිව්විට පවසන්නේ ලංකාව විකුණැනවා කියාය.රට ආයෝජන නොමැතිව ඉදිරියට යන්නේ කෙසේද? තුට්ටු දෙකේ දෙශපලුවන් ගේ බහට රැවටී ඔබ ලංකාව කොපමණ පසුපසට ගෙන යනවාද?

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...