Local Political 

‌උමා ඔය ව්‍යාපෘති‍යේ ජලය කාණ්දු වීමට හේතුව සොයාගනී

Reading Time: 1 minute

උමා ඔය ව්‍යාපෘතිය පසුගිය කාලය පුරාවටම දැඩි ආන්දෝලණයට ලක්වූ මාතෘකාවක් විය.2014 වර්ශයෙ සිට මෙම ව්‍යාපෘතිය නිසා නිවාස ඉරිතැලිම්,ලිං සිදීයාම්,පොලොව ඉරිතැලිම් වාර්තාවිය.
මෙම ව්‍යාපෘතියට විරෝධතාව දක්වා එම ප්‍රදේශයේ ජනයා අවස්ථා ගණනාවකදි උත්ගෝශණවල නිරත වුවත් මේ පිලිබඳ බලධාරින්ගේ නිසි අවධනය යොමුවුයේ නැත.

විනාශවී ඇති නිවාස

වර්තමාන රජය බලයට පැමිණි පසු ජුනි මාසයේ ද බණ්ඩාරවෙල ජනයා මෙම ව්‍යාපෘතියට විරෝධතාවය පලකරමින් දැවැන්ත උත්ගෝෂණයක නිරතවිය.මේ පිලිබඳ තම අවධාණය ලක්කර ජනාධිපතිවරයා අමාත්‍යමණ්ඩල කමිටුවක් පත්කලහ.

විරෝධතාවයේ නිරතවූ ජනයා

 

 

ජලය කාණ්දුවෙන ආකාරය

මෙම කමිටුව නිර්දේශ කලේ මෙය පිලිබඳ විශේෂඥ සහය ලබාගත යුතු බව නිර්දේශ වූවා.මේ අනුව නොර්වේ රාජ්‍යයේ විශේෂඥයන් පිරිසක් ලංකාවට පැමිණිහ.මෙලෙස පැමිණියේ නොර්වේජියානු භූ විශේෂඥ බෙනට් අගාඩ් ඇතුලු පිරිසකි.

ඔවුන් විශේෂ වාර්තාවක් මගින් මෙම ව්‍යාපෘතිය මෙලෙස සිදුවීම හේතු පැහැදිලි කලහ.ඔව්න් පවසන්නේ මෙය ලෙස සිදුවන්නේ නිසි ශක්‍යතා අධ්‍යනයක් හා පරිසර බලපැම් අධ්‍යනයක් සිදුකර නොමැති නිසා මෙවැනි භූගත ජලය සිඳීයම ,නිවාස ඉරිතැලීම් සිදුවන බවය.

උම හාරන යන්ත්‍රය

මෙම උමග හාරන විට ජලය කාණ්දුවීම වැලැක්වීමට විශේෂ සිමෙන්නේ වර්ග භාවිතා කර තිබුණත් එය ජලය කාණ්දුවීම වැලැක්විමට ප්‍රමාණවත් නොවන බවය.

උමගේ ඉදිරි කිලෝමීටර් 4 උමග හැරීමට පෙර දැනට භාවිතාකර ඇති සිමෙන්තිවලට වඩා ශක්තිමත් තත්වයෙන් උසස් වර්ග භාවිතා කලයුතු බව පවසනවා.එමෙන්ම වක්‍රාකාර බිත්තිවල සිමෙන්ති ආලේප කිරීමට හැකි යන්ත්‍ර යොදාගන්නා ලෙසද පවසා ඇත.

මෙම පියවරවල් අනුගමනකල හොත් කිසිම ගැටලුවකින් තොරව මෙම ව්‍යාපෘතිය සිදුකල හැකි බව පවසා ඇත.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...