Local Sport 

කුසල් සහා කරුණාරත්නගෙන් කවුරුත් නොසිතු පිතිහරඹයක්

ඉන්දු ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරඟයේ තුන්වන දිනය වන අද දිනය අවසන් වන විට ශ්‍රී ලංකා පිල දෙවන ඉණිම සඳහා කඩුලු 2ක් දැවී ලකුණු 209 ක් ලබා සිටි.ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 622 ක් ලබා ගත්තේය. ඉන්දීය පිල වෙනුවෙන් Pujara ලකුණු 133 ක්ද, Rahane ලකුණු 133 ක් ද ලබා ගත්තේය.

පන්දු යැවීමේදී රංගන හේරත් ලකුණු 154 කට කඩුලු 4ක් දවාගැනීමට සමත් වුනු අතර, තම මංගල ටෙස්ට් තරඟය සෙල්ලම් කල මලින්ද පුෂ්පකුමාර ලකුණු 156 ට කඩුලු 2 යි.

ඉන්පසු තම ප්‍රථම ඉනිම ක්‍රීඩාකිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට හොඳ සබඳතාවක් ගොඩනැගීමට නොහැකි විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 183 කට සිමා වෙද්දී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයා වනුයේ නිරෝෂන් දික්වැල්ලයි. පන්දු 48 කට ලකුණු 51 යි. වෙන කිසිඳු ක්‍රීඩකයෙක් ලකුණු 30 කට වැඩි ප්රාමාණයක් ලබාගැනීමට අපොහොසත් විය.පන්දු යැවීමේදී Ashwin ලකුණු 69 ට කඩුලු 5 ක් ද, Shami හා Jadeja කඩුලු දෙක බැගින් ලබා ගත්තේය.

 

පසුව ඉනිමක පරාජයෙන් බේරීමට 440 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට දෙවැනි ඉනිමේද හොඳ ආරම්භයක් ලබා ගැනීමට නොහැකි විය.ශ්‍රී ලංකා පළමු කඩුල්ල ලකුණු 7 කට බිඳ වැටුනු අතර ඉන් පසු කරුණාරත්න සමග ක්‍රීඩා කිරීමට පැමිණි ක්‍රීඩකයා කුසල් මෙන්ඩිස් ය.

කුසල් මෙන්ඩිස්

එතනින් සිදුවුයේ අප කව්රුත් නොසිතපු දෙයකි. එනම් කුසල් මෙන්ඩිස් හා කරුණාරත්න එකතුවී ලකුණු 191 ක අගනා සම්බන්දතාවක් ගොඩනැගීමට සමත් විය. එනම් ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා වැඩි ලකුණු ප්‍රමාණයක් මෙම ක්‍රීඩකයන් දෙදෙනා එකතුවී රැස් කිරීම කැපී පෙනුනි.

අගනා වේගවත් ඉනිමක් ක්‍රීඩා කල කුසල් මෙන්ඩිස් පන්දු 135 කදී ලකුණු 110 යි. ඔහුගේ ඉනිමට හතරේ පහර 17 ක් ඇතුලත් විය.

ශ්‍රි ලංකා ලකුණුපුවරුව

ඒ අනුව ඉනිමක පරාජයෙන් බේරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් ලකුණු 230 ක් ලබා ගත යුතු අහර හෙට තරඟයේ හතර වන දිනයයි. කරුණාරත්න නොදැවී ලකුණු 92 යි. පුෂ්පකුමාර ලකුණු 2 යි.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...