Lates Local 

නියගේ නිසා ගෙවල්දොරවල් දාල යන අපේම මිනිස්සු

Reading Time: 1 minute

අද ස්වර්ණවාහිනී නාලිකාවෙ හදසසල කරන පුවතක් පලවූවා.තමන් ජීවත්වන ප්‍රදෙශවල අධික රස්සනය නිසා ආදිවාසින් පිරිසක් තම නිවාස අතඇර දිඹුලාගල කන්ද පාමුලට ජිවත් වීමට ගොස්තිබෙනවා.

මෙලෙස තමා ජිවත්වූ ස්ථාන අත හැර ගොස් තිබෙන්නේ දිඹුලාගල දළුකණ ප්‍රදේශයේ ජිවත්වන අපගෙම සහොදර ජනතාවයි.මෙම ගම්මානයේ ආදිවාසි ජනතා පවුල් 160 පමණ ජීවත්වනවා.

ඔවුන් ඊයෙ(27) සිට තම නිවාස අතහැර ගොස් තිබෙන්නේ ජිවත් වීමට නොහැකි තරම් අධික රස්නයක් ඇතිනිසාය.මෙම ජනතාව මෙලෙස ගොස් ඇත්තෙ දිඹුලාගල කඳු පාමුලට වේ.කිසිම පහසුකම අඩුගානේ කුඩාරමක්වත් නොමැතිව ඔවුන් කැලයේ කුඩා දරුවන් සමග ජීවත් වනවා.

අධික රස්නය නිසා නිවාස අතහැර යන ජනයා

 

 

ඔව්න් පවසන ලෙස මෙලෙස කැලයේ ජිවත්වීමට හැකිවිමත් ඔවුන් සැපක් ලෙස සදනන් කරයි.කිසිම පුද්ගලයෙක්ගෙවත් සංවිධානයකවත් පිහිටක් නොමැතිව සිටිනා මෙම ජනයා තම ආහාර ලෙස ගන්නේ කැලයේ ඇති දිවුල් ගෙඩි සහා කොළ වර්ග ආහාරයට ගනිමිනි.

කුඩාරමක්වත් නොමැති බිම නිදිනා කුඩා දරුවෙක්

ඔව්න් පවසන ආකාරයට වැස්ස ලැබෙන තුරු ඔව්න් මෙලෙස කැලයේ දිඹුලාගල ගල පාමුල සිටින බවය.වගකිවයුතු බලධාරින් මෙම අසරණ ජනතාවටහ් පිහිටක් වන්නෙ නැත පසුගිය කාලයේ ගංවතුර නිසා ජනයා අවතැන්වූවා මෙන්ම මෙම ජනයාද නියඟය නිසා දැඩිලෙස පිඩාවට පත්වී ඇත.නමුත් කිසෙවෙක් ඔවුන්ට පිහිටවන බවක් පෙනෙනෙ නැත.

කැල‍යෙ රාත්‍රිය ගෙවන ජනයා

මෙම ජනයා කිසිම ආරක්ශාවක් නොමැතිව වනයේ සිටි.සර්පයන් .අලින් ගැවසෙන මේ වනයේ ඔව්න් සිටින්නෙ අධික රස්නය නිසාවෙනි එසී කාමර තුල සිටිනා නිලධරින් මෙම දුක දන්නේ නැත.ඔව්න්ට මෙම දුක කිවීමට සමජමාධ්‍ය වත් නොමැත.

ගංවතුර නිසා අවතැණ් වූවානට පිහිටවන්න සි‍යලුදෙනා එක්වූවා මෙන්ම නියඟය නිසා අන්ත අසරණවෙලා තියන ජනයාට පිහිටවීම වගකිවයුතු ශ්‍රි ලංකික පුරවැසියන් ලෙස අප කාගේත් යුතුකමයි…හැකි තරම් මෙම පුවත බෙදා හැරීමට කාරුණිකවන්න.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...