BreakingNews 

හමුදාවේ 100 කට දුම් රිය-රියදුරු පුහුණුව!ඉන්දියාවේ විශේෂඥයන් සමග ආණ්ඩුව වැඩ අරඹයි

Reading Time: 1 minute

යුදහමුදාවේ සියදෙනෙකුට ඉන්දියාවේදී දුම්රිය රියදුරු පුහුණුවක් ලබාදීමට සාකච්ඡා පවත්වමින් යන බව මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු කියා සිටියේය.ඔහු මේ බව කියා සිටියේ කෙටිකලකට හමුදාවට පුහුණු කිරීමට ඉන්දීය දුම්රිය රියදුරන් පිරිසක් ලංකාවට ගෙන්වීමට යන බවට ලැබූ තොරතුරක් සම්බන්ධයෙන් කළ විමසීමකදීය.

හමුදාවට ලබාදීමට නියමිත දුම්රිය රියදුරු පුහුණුව ඉතා කඩිනම් ලෙස සිදු කරීමට ද සැලැසුම් කර ඇති බව ඔහු කියා සිටියේය.දුම්රිය සේවකයින්ගේ අසාධාරණ හා අශිලාචාර වැඩවර්ජනය නතර කරන තෙක් ඔවුන් සමඟ සාකච්ඡා කිරිමට මහා භාණ්ඩාගාරය සුදානම් නැති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කොළඹදී පෙරේදා පවසා තිබිණි.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...