Entertainment Foreign Lates Music 

‌ශ්‍රි ලාංකික ගවයන් ගේ ඇතුල් කතාව

Reading Time: 1 minute

Chester Bennington ඊයේ මිය ගියහ.ඔහු මිය ගිය පසු ලොවපුරා සිටින ඔහුගේ රසිකයන් ඔහුගේ වෙන්වීම පිළිබඳ ශෝකය ප්‍රකාශ කලහ.ශ්‍රි ලංකාවේ ඔහුගේ ‍රසිකයන්ද ඔහුගෙ වියෝව පිලිබඳ කණගාටුව සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශ කලහ.

නමුත් ස්වල්ප වෙලාවක් යනව විට පුරුදු ආකාරයටම Chester ට ශෝකය පලකීම් වීරොදී කණ්ඩායම් බිහිවන්ට පටන් ගත් හ.ඔවුන් සිතන ආකාරය ට Chester වෙනුවෙ ශ්‍රි ලාංකිකයෙක් ශොකය ප්‍රකාශ කිරීම ඇමරිකාවට රට පාවා දීමට සමනය. සමහරුන් සිතන්නේ මෙය මහා නිවට කමක් ලෙසය.සම-හරක් සුපිරි තර්ක ඉදිරිපත් කරයි ඔවුන් පවසන ආකාරයට Chester හට ශෝකය පලකලේ පොෂ් වීමට දඟලන පිරිස්ය.

 

ඔව්න් සිතන ආකාරය ලංකාවේ දේ පමණැක් අගය කල යුතුය.පිර රටක හොඳ දෙයක් දුටු විට එය අගේ කරන්නේ අධිරාජ්‍යවාදින්ට පස්චාත් බාගය දෙන උදවියය.ලංකාවට කෙලවීමට ප්‍රධන හිතුව වී ඇත්තේ මෙන්න මෙම ගොං මානසිකතවය වේ අප පුරුදු විය යුත්තේ හොඳ දෙයක් දුටු විට එය හොඳනම් අප ලබා ගැනීමයි.අප එය කවුරු කරත් වැඩක් නැත හොඳ දේ හොඳය.

Chester Bennington

අනෙක් තර්කය වන්නෙ පසුගිය දිනක මිය ගිය ශ්‍රි ලාංකික ගායකයෙක් මියගිය විට ශොකය ප්‍රකාශ නොකිරීම හා Chester මැරුණ විට ශෝකය ප්‍රකාශ කිරීමය.මේ තර්කය දෙන මහතුන් ඇත්තටම එම ගායකයකයා මියගිය විට ශොකය පවා එතුමාගේ ගීතයක් වත් ඇසීමට උනනදු වූ වාදැයි සැක සහිතය.දියේ ගසාගෙන යන එකා පිදුරුගසෙත් එල්ලුනා මෙන් අවස්තාවේ හැටියට එම මහතාගේ වියෝවිම ඔවුන් අල්ල ගත්තාය.

අනෙක් කරුණ නම් තමන් ට කැමති පුද්ගලයෙක් වුනුවෙන් ශෝක වීමට අදහස් ප්‍රකාශ කිර්‍ර්මට මෙරටේ නිදහස ඇත.මේ රටේ ගායකයන්  කොපමණ ප්‍රමාණයක් මිය ගොස් ඇද්ද?තමා කැමති කෙනෙක් මිය ගිය විට ශෝකය ප්‍රකාශ කිරීමට අර කලින් සිටි සෑම පුද්ගලයාටම ශෝකය ප්‍රකාශ කලයුතුයි කියා නිතියක් නැත.

උදේ හවා බස් අජිත්ගේ දෙකයි පහේ ගීත අසා හොටු පෙරන් අඬන මල් සිංදු වලින් කන් පුරවන් රත්තරනේ පිහිට බලන් ඉන්න අයට මොන රස වීඳීමක්ද? ලංකාව යන විදිහට ගායකයෙක් වීමට කටහඬ අනවශ්‍යවේ මේ යන තත්වයට බල්ලෙක් උඩු බුරන ආකාරය ටේප් කර එයට අඩනිරුවතින් සිටිනා කෙල්ලෙක් යොදා විකෘත්ති ලිංගික දසුන් කිහිපයක් යෙදු විට වන් මිලියන් විව්ස් ඇති ඉන්ටනැශනල් ගායකයෙක් විය හැක(ඉන්ටනැශනල් කිව්වාට ඒ ලංකාවේ අමනයන්ට ඉන්ටනැශනල් පමණි)

1996 වසරේ දී ආරම්භ කරන ලද ‘ලින්කින් පාක්’ සංගීත කණ්ඩායමේ ගීතැටි ලක්ෂ 700 අධික සංඛ්‍යාවක් ලොව පුරා අලෙවි වී ඇත.ඔවුන් ග්‍රැමී සම්මාන (Grammy Award) දෙකක් දිනා තිබේ.

ලින්කින් පාර්ක් සංගීත කණ්ඩායම

ශ්‍රි ලංකාවේ සමහර නාලිකා ඔවුන්ගේ පසුබිම් සංගීතයට මෙම සංගීත කණ්ඩා‍යමේ ගීත වල නද මාලා යොදගෙන ඇත. ලින්කින් පාක් හට ආදරෙ කිරීම ඉංග්‍රිසි පිළිබඳ හසල දැනුමක් තිබිය යුතු නොවේ සංගීතය යනු විශ්ව භාශාවක් .ඔබේ කණ්දෙකක් ඇතනම් මොළය වැඩනම් ඔබට රසවිඳය හැක.

රචානවක් ගෙන එයට සංගීතය දමා වැලපෙන අරුත් සුන් ගීත අසනවාට වඩා මෙවැනි ගායකක් කිය ගීතවල Lyrics සොයාගෙන ඒවල තෙරුම ඩික්ෂනරියක් මගින් සොයා බැලුවත් කමක් නැත.දැන් කට්ටිය එන්න එපා ඇයි යකෝ ලංකාවේ පැරණි ගිත නැද්ද හොඳ තේරුමක් තියන කියල.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...