Local Sport 

ලංකාව ඉන්දියාවට ගැහුවොත් වෙන සිදුවීම

Reading Time: 1 minute

ලබන බදාදා (26දා) ඉන්දියාව සමඟ ගාල්ලෙන් ඇරැඹෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ජය පැරදුමෙන් තොරව අවසන් වුවහොත් ටෙස්ට් වර්ගීකරණයේ දැනට සිටින ස්ථානයෙන් එක් පියවරක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාවට හැකියාව පවතී.

එනම් මේ වන විට ශේ්‍රණිගත ලකුණු 92ක් ලබා හත්වැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාව ශේ්‍රණිගත ලකුණු 123ක් ලබා පළමුවැනි තැන සිටින ඉන්දියානුවන් සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය 1-1ක් ලෙස සමකර ගතහොත් හෝ ජය පැරදුමෙන් තොරව අවසන් කර ගතහොත් ශ්‍රී ලංකාවේ ශේ්‍රණිගත ලකුණු ප්‍රමාණය 95 දක්වා වැඩි කර ගනිමින් මේ වනවිට ශේ්‍රණිගත ලකුණු 93ක් ලබා 6වැනි ස්ථානයේ පසුවන පාකිස්තානය අභිභවා 5වැනි ස්ථානයට යෑමට හැකිය.

යම් හෙයකින් ශ්‍රී ලංකාවට මෙම තරගාවලිය 1-0ක් ලෙස හෝ 2-1ක් ලෙස ජයගැනීමට හැකි වුවහොත් ශේ්‍රණිගත ලකුණු 98ක් (ලකුණු 6ක්) දක්වා වැඩිකර ගනිමින් ටෙස්ට් වර්ගීකරණයේ දැන්ට සිටින ස්ථානයේ සිට ස්ථාන දෙකක් එනම් පස්වැනි ස්ථානය දක්වා පැමිණීමට හැකියාව පවතින අතර, එසේ වුවහොත් ශේ්‍රණිගත ලකුණු 7ක් අඩුවී දෙවැනි තැනට පල්ලම් බැසීමටද ඉන්දියාවට සිදුවනු ඇත.

කෙසේ වුවත් ලංකාව මෙම තරගාවලිය 1-0ක් ලෙස පරාජය වුවහොත් ලකුණු කිසිවක් අඩු නොවන නමුත් 2-0ක් ලෙස පරාජය වුවහොත් එක් ලකුණක්ද, 3-0ක් ලෙස පරාජය වුවහොත් ශේ්‍රණිගත ලකුණු 2ක්ද අඩුවී යන නමුත් ඉන්දියාව තරගාවලිය 3-0ක් ලෙස ජය ගත්තද ඔවුන්ට එකතු වන්නේ ලකුණු 2ක් වීමද විශේෂත්වයකි.
මේ අතර මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව 2-1ක් ලෙස ඉන්දියාව හමුවේ පරාජය ලැබුවද ශ්‍රී ලංකාවේ ශේ්‍රණිගත ලකුණුවල වෙනසක් නොවේ.

ටෙස්ට් වර්ගීකරණය
ඉන්දියාව 123
ද. අප්‍රිකාව 117
ඕස්ට්‍රේලියාව 100
නවසීලන්තය 97
පාකිස්තානය 93
ශ්‍රී ලංකාව 92
බ.ඉ.කොදෙව් 75
බංග්ලාදේශය 69
සිම්බාබ්වේ 00

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...