Entertainment Lates 

‌යුගයේ ජනප්‍රියම කට කතා කරුගේ අතිමීය ටයිටැනික් 4

යුගයේ ජනප්‍රියම කටකතාකරු ලියන ආත්මීය නවකතාව – ටයිටැනික් 3

සොදුරු කවියක පදපේළි අතර බැඳි සඤ්ඤක අකුරු මෙන් ජැක්ගේ ප්‍රේම උච්චාරණය විඩාබර කරන්නට පැමිණි ඔහු කාල්…කාල් එකපාරටම ජැක්ගෙ අණ්ඩ දාපු කමිසෙ කොලර් එකෙන් අල්ලගෙන කෑගහන්න පටන් ගත්ත…

“මුහුදු මාර්ගෙ ආදායම් මාර්ගෙ කර ගත්ත තර්ඩ් ක්ලාස් නැවියා.රෝස් එක්ක නටන්න යන්න නේද?කපිතාන්ට කියල එල්ලනව කුඹ ගහේ තමුසෙව…”

ජැක් හරිම අහිංසක විදියට ඒ තර්ජන  ඉවසන් හිටියෙ බර්මියුඩාවට කඩදාසි බෝට්ටුවක් වැටෙනව වගෙ…කොල්ල හරිම ශාන්තයි…ඒත් රෝස් ඉවසන් හිටියෙ නෑ. “කාල්..ප්ලීස් මෙතනින් යන්න .මේ අහිංසකීගෙ හිතට ගින්දරක් දෙන්න එපා.බනින එකක් මට බනින්න ජැක්ට නෙවෙයි “

කෙල්ල එහෙම කිව්වෙ ජැක්ගෙ ඇස් වල තිබුණ කඳුලු තමන්ගෙ ගවුම් වාටියෙන් පිහින ගමන්…

“හොඳයි බලාගමුකො “ කියපු කාල් එතනින් යන්න ගියෙ තමන්ගෙ කැටපෝලෙ ජැක්ට පෙන්නන ගමන්…රෝස්ට ඒක දැකල නම් බයත් හිතුණ..හොඳ තිරිවාන ගලක් දාල කැටපෝලෙන් විද්දොත් ලේසි නෑ කියල කෙල්ල දන්නව…..

ජැක් තමන්ගෙ අතීතය මතක් කරන්න ගත්තෙ රෝස් එක්ක නැටුම තියන තැනට යන ගමන්..කවදාවත් ජැක් ෆස්ට් ක්ලාස් එකේ අයගෙ නැටුම් ශාලාවට ගිහින්ම නෑ…ඉඳහිට බීර ටිකක් බීල යාලුවො එක්ක ගබඩා කාමරේ එහෙම නටල තිබුණට..කොරිඩෝ දෙපැත්තෙ තිබ්බ කුප්පි ලාම්පු වල එළිත් එක්ක ජැක් තමන්ට රෝස්ව මුණ ගැහුණ අතීත මතක වලට ඇදිල ගියේ ප්‍රින්ටරේ අස්සට හාෆ් ශීට් යනව වගේ…

“කවුද ඔතන ,මැරෙන්න ද හදන්නෙ…” ජැක් එදා කෑ ගැහුවෙ නැවේ ඉස්සරහම ගැට්ට උඩ නැගල ඉන්න ගෑණු ළමෙක් දැකල…ජැක් පුළුවන් තරම් ඉක්මනට සාක්කුවේ තිබ්බ ගෝනි නූල් බෝලෙත් අරන් දුවන් ආවෙ කෙල්ල පනී කියල බයට…

“බහින්න ඔතනින්…”ජැක් කොච්චර කිව්වත් කෙල්ල බහින පාටක් නෑ..

“මට නැවට බෙල්ල තියල මැරෙන්න ඕනි අයියේ ප්ලීස් මට ඒකට ඉඩ දෙන්න..”
රෝස් කිව්ව හැටි ජැක්ට අද වගේ මතකයි…ටයිටැනික් නැව පැයට සෙන්ටිමීටර් අරික්කාලක් විතර වේගෙන් ඉදිරියට ඇදෙමින් තිබ්බෙ…කෙල්ල පැන්නොත් නැවට යට වෙලා මැරෙන එක මැරෙනව…….. කෙල්ලගෙ ඇඟ උඩින් මීටර් ගාණක් දිග නැව පැය ගාණක් යයි…

රෝස්ව නවත්තන්න කල්පනා කරපු ජැක්

“මැට්ටි,නැවට බෙල්ල තියල වැඩක් නෑ..තල්මස්සු පනිනවට කව් කැචර් එකක් හයි කරල තියෙන්නෙ ..මැරෙන්නෙ නෑ ඔයා තැලෙනව විතරයි …..”

කෙල්ල ඒකටනම් බය වුණා වගෙ…

“හා අයියෙ එහෙනම් ඒක ගලවල තියල ආයෙම එන්නම් පනින්න” කිව්ව රෝස් පහළට බැස්සෙ ජැක්ගෙ බෙල්ලෙ එල්ලිලා…ආත්මීය ඕඩිකොලොන් සුවඳ විඳින ගමන්…..එත්කොටම ජැක්ගෙයි රෝස්ගෙයි ඇස් එකිනෙකට ගැටුණෙ අත්ලාන්තික් සාගරයට උඩින් කණකොකෙක් පියාඹාගෙන යද්දී …

ඔහොම පටන් ගත්ත දෙන්නගෙ ආදරේ හරි ලස්සනට ගලාගෙන ගියෙ හොඳට උඳු දාල හදපු ඉට්ලියක් උඩින් හොඳි ගලාගෙන යනව වගෙයි……

ජැක් ටිකෙන් ටික දැනගත්තා රෝස් එදා මැරෙන්න හැදුවෙ ඇයි කියලත් ..කොල්ලට ඒක වාවන් නෑ.. අම්මලගෙ තණ්හාව තියන පෝසත් ජීවිත නිසා අහිංසකී දුක් විඳිනව….

ජැක් තමන්ගෙ ඩබල් රූල් කොලයක් වගේ හිතේ ,තමන්ගෙ හෘදය සාක්ෂිය කියන බෝල්පොයින්ට් පෑනෙන් හීනියට ලියාගත්ත රෝස්ව පුළුවන් තරම් සතුටින් තියනව කියල ……

ජැක් අතීතය මතක් කර කර කොහොම හරි නැටුම් ශාලාව ළඟටම ඇවිත් …

“රෝස් මං නටන්න නං වැඩිය දන්නෙ නෑ රත්තරන් “ ජැක් කිව්වෙ රෝස්ගෙ වටේ කැරකෙන නිල මැස්සෙක්ව එළවන ගමන්මයි..

“බයවෙන්න එපා අයියේ…ගමේ තාලෙටම තමයි නටන්නෙ ……

රෝස් හා ජැක්ගේ රොමෑන්ටික් ගැමි නැටුම කෙබඳු වේවිද…..

සුළං හමන අගෝස්තු මාසයේ සරුංගල් හද හද කියවන්න….ටයිටැනික් 4 බලාපොරොත්තු වන්න..

-ලිව්වෙ මං –Ishu Windy
හිනාවෙලා පණ යනවා ඒක නම් සුපිරි ඇ…ලයික් එකක දාලා යන්න…අනිවා කොමන්ට් කරන්න…😍😍😍👍👍👍😜😜😜😜

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...