‌Weather 

නැවතත් කාළැගුනේ නරක්වන ලකුණු කාළගුණ දෙපාර්ථමේන්තුවෙ අලුත්ම අණතුරු ඇගවීම

Reading Time: 1 minute

ඉදිරි දින දෙක තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශ තුළ තද සුළං තත්ත්වයක් පැවතිය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එබැවින් “නිවෙස් වටා ඇති ගස් අතු කපා දමා සුරක්ෂිත කිරීම ඉතා වැදගත් බව” ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල, හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 60 – 70 දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.

“මේ හේතුවෙන් ධීවර, නාවික ප්‍රජාවන් විමසිලිමත් වන්න, මුහුද රළු විය හැකි බැවින් අවධානයෙන් පසුවන්න” ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි ඉල්ලා සිටී.

නාය යාමේ ලක්ෂණ පිළිබඳ තවදුරටත් විමසිල්ලෙන් පසුවන ලෙසත් ඔහු කඳුකර ප්‍රදේශ අවට සිටින ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

කළුතර, ගාල්ල, නුවරඑළිය, කෑගල්ල, රත්නපුර, මාතලේ සහ නුවර යන දිස්ත්‍රික්ක සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නිකුත් කර ඇති විමසිලිමත් වීමේ නිවේදනය තවදුරටත් වලංගු බව ඔහු සඳහන් කළේය.nA

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...