BreakingNews Foreign Local Technology 

‌රික්වස්ට් කර ෆේස්බුක් හැක්කරන අලුත්ම භීතිකාව

“Jayden K Smith” නමැති ෆේස්බුක් ගිණුමකින් ඔබ වෙත Friend Request එකක් හෝ Message එකක් ලැබුනහොත් එයට ප්‍රතිචාර නොදක්වන ලෙස දන්වමින් ෆේස්බුක් පුරා පැතිරයන පුවතෙහි කිසිදු සත්‍යතාවක් නොමැත.එසේ Friend Request එකක් Confirm කළ පමණින් හෝ Message එකකට Reply කළ පමණින් වෙනකෙකුගේ ෆේස්බුක් ගිනුමක ඇති පෞද්ගලික දත්ත ලබාගැනීමට හෝ “HACK” කිරීමට තරම් සුවිශේෂී හැකියාවක් කිසිවෙකු සතුව නැත.

හැක් කරන බව ප්‍රකාශ කරමින් යවන මැසේජ් එක

එමෙන්ම ලොව පුරා සිටින සියලුම පුද්ගලයන්ට එකවර Friend Request යැවීමේ හෝ Message යැවීමට පුළුවන්කමක් ද මෙහි නැත.අදට දින 3කට පමණ පෙර “Anwar Fitou” නමැති ෆේස්බුක් ගිණුමෙන් Request ලැබුනහොත් ඒවා Delete කරන ලෙස දන්වා ලොව පුරා ප්‍රචාරය වූ ව්‍යාජ පුවතේ නවතම මුහුණුවර ලෙස මෙය හැදින්විය හැකිය.

මෙම සිදුවීම ගැන Jayden K Smith තම ෆෙස්බුක් ගිනුමේ තෑබු සටහන පහත දැක්වේ

Jayden K Smith නමැති පුද්ගලයාද තමන්ගේ ෆේස්බුක් ගිණුම තුල “Why are people persecuting me?” ලෙස ෆේස්බුක් සටහනක් තබමින් තමා මේ කිසිදු ක්‍රියාකාරකමට සම්බන්ද නැති බවත්, තමාගේ නම යොදාගනිමින් පැතිරී යන ව්‍යාජ පුවත් සම්බන්ධයෙන් තමා කනගාටුවන බවත් දන්වා තිබුනා.

 

ඔබට සරල ලෙස පෙනුනද ෆේස්බුක් අඩවිය විසින් ඔබෙ ගිනුම විවධ දියුණු ආරක්ශණ කරමවලින් ආරක්ශා කරයි.කෘතීම බුද්ධිමගින් සහ විශේෂ ඇගොරිදම් මගින් නිරතුරුව ඔබේ ගිනුම ආරක්ශා කරයි…එම නිසා බොරු ප්‍රචාර වල නොරැවටෙන්න…මේ ගැන යාලුවන්ටත් කියන්න…😀😀😀

 

 

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...