BreakingNews Local Sport 

ලාහෝර් ප්‍රහාරය ගැන සංගා ප‍රික්ෂණයක් ඉල්ලයි

Reading Time: 1 minute

2009 වසර වන විට ශ්‍රිලංකා කොටි ත්‍ර්ස්ථවාදින් සමග දරුණු ලෙස සටන් කල කාල සීමාව විය .එමෙන්ම පාකිස්ථානයෙ ද විවිධ ත්‍රස්ථසංවිධන සමග විවිධ ගැටුම් ඇතිවිය.

ඒ සමයේ පාකිස්තානයේ ආරක්ශාව ඉතා පහල මට්ටමකට ගියේය .කිසිම ජාත්‍යන්තර නයකයෙක් හෝ ක්‍රිඩා කණ්ඩායමක් පක්ස්ථනයේ සංචාරය කිරිමට ඉදිර්පත් නොවූයේ එක පාකිස්තානයේ තිබු ආරක්ෂක තත්වය සැලකිලට ගනිමිනි.

ත්‍රස්ථ ප්‍රහාරයට ලක්වූ බස් රථයට ප්‍රහාරෙන් පසුව ආරක්ෂව සපයා තිබූ ආකරය

නමුත් මෙම අන්තරායකාරි තත්වය නොසලා හරිමින් එකල පාලක මණ්ඩලය සහ බලධාරීන් විසින් තමන්ගේ ආරක්ෂාව ගැන නොසැලකිල්ලෙන් කටයුතු කළ බව ප්‍රහාරයට මැදිවූ කුමාර් සංගක්කාර විසින් ප්‍රහාරයෙන් වසර 8කට අනතුරුව ඊයේ (13) ප්‍රකාශයට පත්වීමත් සමඟ ඒ පිළිබඳව නැවතත් කතාබහක් ඇරඹී තිබේ.

“අපි අහපු ප්‍රශ්න නොතකා 2009 අපිව පාකිස්තාන් යැව්වා. අපේ කණ්ඩායමෙන් බාගෙකට වෙඩි වැදිලයි අපි ආයෙ ආවේ. මං හිතන්නේ අපිව මැරෙන්නම කියලා වගේ අපිව යැව්වේ. තාම මගෙ ඇඟේ වෙඩිවැදුණු යකඩ කුඩු තියෙනවා. අපි බලන්න ඕනේ එය හරි වගකීමකින් කළාද කියලා.” සංගක්කාර සිද්ධිය ගැන මෙසේ පැහැදිලි කළේ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත කරන චෝදනා ගැන විමසීමේදීයි.

වෙඩි වැදුන ක්‍රිඩකයන් ගිලන් රථයේ

එවකට ක්‍රීඩා ඇමතිව සිටි ගාමිණී ලොකුගේ මහතා යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධූරය හෙබවූයේ අර්ජුන යි. පසුව ඔහුව තනතුරෙන් ඉවත්කෙරුණු අතර එවකට ජනපති මහින්ද රාජපක්ෂ විසින් යළිත් ඔහුව තනතුරේ පිහිටවූයේය.

ත්‍ර්ස්තයන් ප්‍රහාරය එල්ල කල ආකරය cctv දර්ශණ

“ඒ ගැන පරීක්ෂණයක් කරන්න කාලෙ හරි. අපි ඒවා ගැනත් බලන්න ඕන. කවුරුහරි දන්න කෙනෙක් බලලා ක්‍රිකට් ගැන මොනවහරි කිව්වහම ක්‍රිකට් වලට තියෙන ගරුත්වය නම් එහෙමම තියෙනවා. ඒත් ඉන් එහා දේවල් නම් මං එච්චර ගණන් ගන්නෙ නෑ.” සංගක්කාර තවදුරටත් කීවේය.

වෙඩි වැදුන තිලාන සමරවික්‍රම

“ඒ සංචාරයට අපිව සහභාගී කළේ පෞද්ගලික වුවමනාවක් නිසාද, ක්‍රීඩකයෝ ගැන වගකීමකින්ද කියලා පරීක්ෂණයක් කරන්න ඕනේ.” සංගක්කාර තම පිළිතුරුදීම අවසන් කළේ එසේයි.

ශ්‍රි ලංකා කණ්ඩායම ලංකාව පැමිනීම

කෙසේ නමුත් එම අවස්තාවේ ශ්‍රිලංකා ක්‍රිකට් ක්‍රිඩකයන් ගමන් කල බස්‍ රථයේ රියදුරු වෙඩි ප්‍රහාර නොතකමින් එකහිගට ධාවනකරමින් ක්‍රිඩාංගනයට පදවාගෙන ගියහ එම නිසා ශ්‍රි ලංකා ක්‍රිඩකයන්ගේ ජීවිත ආරක්ශා වුනි..නැතිනම් සිදුවන විනාශය සිතා ගැනිමටවත් අපහසුය.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...