Foreign 

ගුවන් යානා පදවන ලොව ලාබාලම යුවතිය

Boeing 777 වර්ගයේ ගුවන් යානයක ලොව ළාබාලතම ගුවන් නියමුවරිය වු ඉන්දියානු ජාතික තරුණියක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තාකරනවා.

Anny Divya නමැති ඇය මේ වන විට 30 හැවිරිදි තරුණියක් බවයි වාර්තාවන්නේ.ඇය කුඩා කල සිටම ගුවන් නියමුවරියක වීමට සිහින දැක ඇති අතර අවුරුදු 17 සිටම ඇය මේ සඳහා පුහුණුවීම් කර තිබෙනවා.

ඇගේ දෙමව්පියන් ඇගේ සිහිනයට උදව් කර ඇති නමුත් අනෙක් පවුලේ උදවිය ඇගේ මෙම කැමත්තට එකඟ වී තිබී නැති බවයි පැවසෙන්නේ.නමුත් ඔවුන්ගේ අදහස්වලට සවන් නොදුන් ඇය තමන්ගේ සිහිනය සැබෑවක් කරගැනීම සඳහා මහන්සී වු බවයි පවසන්නේ.

ගුවන් නියමු නිල ඇදුමෙන් සැරසි සිටින Anny Divya

ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ පුහුණුවීම් කාලයේදී ඇගේ ඉංග්‍රීසි භාෂාවේ තිබුණු දුර්වලතාවයන් සඳහා බොහෝදෙනා සිනාසුණු නමුත් ඈ ඒ සියළු දේ ඉවසාගෙන තමන්ගේ ඉගෙනුම් කටයුතු සිදුකල බවයි.

 

මේ වන විට ඇය සතුව BSC Aviation උපාධියක් හා නීතිය පිළිබඳ පශ්චාත් උපාධියක් ඇති බවත් ඇයට සංගීතයට හා නැටුම් අංශයට විශේෂ හැකියාව ඇති බවත් වැඩිදුරටත් සඳහන් වනවා.

ඇගේ ඡායාරූප කිහිපයක් පහතින්.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...