Ancient Lates Local 

දඹුලු විහාරයේ කුමක්ද සිදුවී ඇත්තේ

Reading Time: 1 minute

වලගම්බා රජු විසින් කරවන ලද බවට විශ්වාස කෙරෙන රංගිරි දඹුලු රජ මහ විහාරය වියන් චිත්‍ර සහිත ලොව විශාලතම ලෙන් විහාරය වීමත් එහි ඇති ඓතිහාසික වටිනාකමින් යුත් විශ්මිත චිත්‍ර හා පිළිරූ හේතුවෙනුත් ලෝක උරුමයක්‌ ලෙස යුනෙස්‌කෝව විසින් නම් කළේ 1991 වසරේදීය.

දෙස්‌ විදෙස්‌ ජනතාවගේ නොමඳ ආකර්ෂණයට ලක්‌වූ පිළිම හා සිතුවම් සහිත ලෙන් පහක්‌ දඹුලු රජමහ විහාර සීමාව තුළි පිහිටා තිබේ. බුදු පිළිම 153 ක්‌ද දේවතා පිළිම 04 ක්‌ද වළගම්බා හා නිශ්ශංක මල්ල රජුන්ගේ බවට අනුමාන කෙරෙන පිළිරූ 02 ක්‌ද සමඟ වර්ග අඩි 2100 ක පමණ සීමාවක්‌ පුරා පැතිර ගිය සිතුවම්ද මෙම ස්‌ථානයේ ඓතිහාසික බව සුරකින්නාවූ නිමැවුම්ය.

 

දඹුලු විහාරය

කෙසෙ නමුත් මේ වන විට දඹුලු විහාරය දැඩි අනතුරකට මුහුණ පා සිටි කලක් පුරා සුදු නොකරන ලද සංරක්ෂණ කටයුතු නියා දඹුලු විහාර‍යේ සිතුවම් හා බුද්ද ප්‍රතිමා විනාශ වෙමින් පවති.

එමෙන්ම අවදිමත් ලෙස විහාර අධිකාරිය විසින් සිදුකරන ලද ඉදිකිරිම් නිසා මෙම විනාශය තවත් දෙගුණ තෙගුණ වී ඇත.මෙහි විනාශ වී ගිය ස්ථාන කිසිදු පුරාවිද්‍යා විශේෂඥයන්ගේ මතයක් විමසීමෙන් තොරව අලුත් වැඩියා කර ඇති ආකරය පහත රූප රමුවල බලන්න..

ඉපරණි පොළවේ ගල් ගැලවීයාම නිසා සිමෙන්ති දමා ටයිල් කැටයක් අල්වා ඇති ආකාරය

ඔබම සිතා බලන්න නිවරදී ලෙස පුරාවිද්‍යඥන් විසින් මෙය සරක්ෂණය කරා නම් මෙලෙස සිදු කරයිද?????මේ යන විදිහට ලගදිම බිම අතුරා ඇති ඉපරැණි ගල් ගලවා ටයිල් කිරීමද සිදු කිරීමට හැකියාව ඇත.

බුදු පිලිම වහන්සේ විනාශ වි යම නිසා කොටු තියා පැලැස්තර යොදා ඇති ආකාරය

ඉහත රූපයේ ඇත්තේ දඹලු විහාරයේ විනාශ වෙමින් යන බුදු පිළිමයකට කොටු තියා බැද ඇති ආකාරයි.මෙලෙස කිරිමෙන් මෙම පිලිම ආරක්ෂා කිරීම හැකිද??? දඹුලු විහාර භාර හිමිනම මෙය සංරක්ෂණය කිරීමට පියවර නොගන්නෙ ඇයි..??

මේ අතර පුරාවිද්‍යා නිලධාරීන් පවසන්නේ මෙම ලෙන තුළ වර්ග අඩි විසි දහසක (20000) පමණ ප්‍රමාණයක් තුළ මෙම සිතුවම් දක්නට ඇති බවය. නමුත් මෙහි කිසිදු නඩත්තුවක් විධිමත් ලෙස නොකිරීම නිසා මෙම සිතුවම්වල බදාම ගැලවීයමින් පවති. එමෙන්ම ඇතැම් බදාම කොටස් කඩාවැටීමට ද පටන්ගෙන ඇත.

විනාශ බධාම ගැලවී යන බුදුපිළිම

මෙලෙස තවදුරටත් සිදූවුවහොත් තව වසර 10 පමණ අපට දැකගැනිමට ඉතිරිවන්නේ දඹුලු විහාරයේ පින්තුර පමණකි.මෙම විනාශය නැවතිමට ක්‍රියා නොකල නිසා 2019 දි දඹුලු විහාරය ලොක උරුම ලයිස්තුවෙන් ඉවත්වීමට නියමිතය.නමුත් මෙපමණ විනාශයක් සිදුවුවද විහාරාධිකාරිය විසින් දිගින් දිගටම ටිකට් ගසමින් එන සංචාරකයන්ට විකුණමින් මුදල් රැස් කරයි.

අධි දිප්තිමත් විදුලි බුබුලු යොදා ඇති ආකාරය

පුරා විද්‍යා උපදේශක සභාව මගින් මෙම විහාරය කඩිනමින් සංරක්ෂණය කිරිමට සදහා සංරක්ෂණ කාලයේ දී පමණක් සංචාරකයන්ට මෙය වසා තබන ලෙස කිව්වත්
මේ පිළිබඳව රන්ගිරි දඹුලු රජාමහා විහාරයේ භාරකාර ජූජ්‍ය ආචාර්ය ගොඩගම මංගල හිමියන්ගෙන් සදහන් කළේ, එවැනි කරුණක් සම්බන්ධයෙන් තමන් දැනුවත් කර නොමැති බවයි.

සුපුරුදු පරිදි සැදැහැවතුන් වෙනුවෙන් රන්ගිරි දඹුලු ලෙන් විහාරය විවෘතව ඇති බව ද ආචාර්ය ගොඩගම මංගල හිමියෝ සඳහන් කළහ.

කෙසේ වෙතත් මෙම කඹ ඇදිල්ල නිසා දඹුල්ල විහාරය ඉදිරි දරුපරපුර අහිමි ‍යාමේ තර්ජනයකටලක්ව ඇත.සංරක්ෂණය කිරීමට කිව් විට.පිංකැට කඩනවා යැයි කීම කොයිතරම් සධරණ දැයි ඔබම තීරණය කරන්න…🙄🙄🙄🙄🙄

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...