Entertainment Lates Movie 

හැරී පොටර් ලංකාවේ ලිව්ව නම්

Reading Time: 1 minute

හැරී පොටර් කතා මාලව අපේ රටේ ලිව්ව නම් මොනවගේ වෙයිද?? ටිකක් හිතලා බලන්න ඔන්න අපේ රටේ ලිව්වොත් කතාව තියන හැටි Damith Kethaka   පල කරලා තියන්න බලන්නකෝ කොහොමද කියලා..

හැරී පොටර් මෙරට නිර්මාණයක් උනා නම් මොන වගේ වෙයිද?…….
01. “අයියණ්ඩිගෙ දණ්ඩෙන් ඔය නාගයව මරන්ට බැරුවා අයියණ්ඩි……ග්‍රිෆින්දෝර් මහ නිළමෙගෙ කඩුව ඇන්ට එන්න වෙයි වගේ….”

02. “අඩා….ඩොබී එකා…..තොපි හීන කුළේ උපන්නෙ අපිට කඹුරන්ට බොළ…..කඹුරන්ට….”

03. ” මැල්ෆෝයි බණ්ඩාර හාන්දුරුවො ඩොබීට මේස් කකුළක් දීලා…….ඩොබී දාස කාසි ගෙවිලා නිදහස් කොරැව්ව බොළ…..නිදහස් කොරැව්ව…..”

04. ” ජිනී මැණිකේ……..මයෙ නගාට මයෙ පපු කැවුත්තෙ ආලවන්ත කම් උතුරනව තමා නගා……ඒ උනත් වොල්ඩ්මෝට් නිළමෙ එක්ක හටන් කොරන්ට කුණ්ඩලිනී වරම් තියෙන්නෙ මට විතරක් විත්තිය නගා දන්නවා…….ඒ හටනෙදි මට උඹේ ජීවිතේ අනතුරේ දාන්ට බෑ නගා…….ඒත් හොග්වට් අංගම් මඩුව හදාපු සීවරම් ගුරුන්නාන්සෙලා පල්ලා…….මයෙ මේ නළලේ තියෙන අකුණ පල්ලා…..නගාට මගෙ පණටත් වඩා ආදරෙයි…..”

05. ” ඕං ගිරිං කට්ටු කට්ටු ……අවාඩා කෙඩව්-රා වර වර…..කෘෂියාටස් වර වර…….ඉම්පෙරියස් වර වර ….. “

06. ” හැරී බණ්ඩාර මළණ්ඩි……!……මේක මහ බළගතු අඳුනක් බොළ……..!… මේකෙන් මේ හොග්වට්ස් මඩුවම පේනවා…….!…..තොට කොයි එකා කොයි වංගියෙද ඉන්නෙ කීලා දැන ගන්න ඕනෑ උනාම කොරන්ට තියෙන්නෙ ” ඕං මං දිවුරනව, මං හොඳක් කොරන්ට නං නෙමෙයි තනන්නෙ” කියලා දණ්ඩට මතුරලා මේ අඳුනට වතාවක් තට්ටු කොරන්ට…….එතකොට මේ ඉසව්වෙ ඉන්න කොයි එකාගෙත් පා අඩි සටහන්, උන්ගෙ නම එක්ක පේන්ට පටන් ගන්නවා…….!…….කාරිය කොරගෙන අහවර වෙලා ” දාංගලේ අහකයි !” කියලා ආයෙත් තට්ටු කොරන්ට…….!….”

07. ” නගා, රොන් මළණ්ඩි…..මෙහෙ වර……මේක අපේ අප්පුච්චගෙන් මට ලැබිච්චි මහ බළගතු සාලුවක් බොළව්…….!…..වසවර්ති මාරයා අපේ පරපුරේ එකෙක්ට තෑගි කොරැව්ව කලුවර අඳුන මතුරපු අන්ධකාර සාලුව…….!…..හහ්…….මේක පොරෝ ගෙන යනකොට කොයි එකාටවත් ඇහැ ගැහෙන්න නෑ බොළව්…….!……හා හා…..!….සුනංගු නොවී රිංගපියව් මේ පොරෝනෙ අස්සට………!”

08. “පාවෙන අඳුන මතුරන්නෙ ” ලෙවියෝසාආආ” කියල නෙමෙයි රොන් අයියණ්ඩි……!…….ලෙවියෝ-ඕ-ඕ-ඕ-ඕසා කියලා……”

09. ” පත්තුවෙච්චාවේ !” ( ලූමොස් ) ” නිවිච්චැයිකෝ” ( නොක්ස් ) “අප්පුච්චේ පත්තු වෙයව් !” ( එක්ස්පෙක්ටෝ පට්‍රෝනම් )

10. ” අර තියෙන්නෙ ඔලින්වදර බාප්පුච්චගෙ කෝටු කඩේ……!……මා පුතාටත් මං හොඳවැයින් දණ්ඩක් ඇන්න දෙඤ්ඤංකෝ……අප්පුච්චගෙ වගේම දණ්ඩක්….!”

11. ” මහා සැලසාර ස්ලිදරින් ගණිතයා ගැන තෝ දන්නවද බොළ…….?……ආං ඒ ස්ලිදරින් ගණිත ගුරුන්නාන්සෙගෙ එකම උරුමක්කාරයා මායි බොළ…….!……තොපි අඩු කුළේ පර හැත්ත ගෙනැත් මේ අංගම් මඩුව කිළිටි කරා බොළව්…….!……ආං ඒකෙ වාඩුව ගන්ටයි මං මේ පුස්කොළ පොතේ කොටාපු මතකයක් හැටියට ඉඳලා හරි ආවේ………!….ඔව්…….තව හෝරාවකින් මේ කෙළීගෙ පණ ඩිංග යනවා…….එතකොට මං…….මං ආයෙ රජ වෙනවා …..ඒක උඹට තියා සක්කරයටවත් වළක්කන්න බෑ හැරී………!……ඒක දුම්මල්ඩෝ මහ ගුරුන්නාන්සෙ ආවත් වළක්න්න බෑ…….”

12. ” හැරී අයියණ්ඩි ගැන මට තියෙන්නෙ සහෝදර කැක්කුමක් ……!…….ඒත් මයෙ හිතෙ හාපුරා කියලා ආපු ආලවන්ත කම් තියෙන්නෙ උඹට විතරයි රොන් අයියණ්ඩි…….!……හැරී අයියණ්ඩිගෙ බළ පුලුවන්කාර කම මම ඔය ඇත්තා එක්ක මනින්ට යන්නෙ නෑ අයියණ්ඩි……!…….”

13. ” උන් හැග්‍රිඩ් වල්ලියාගේ පිහාඹින අලි බොටාගේ බෙල්ල කපා දාන්ටයි තනන්නෙ…….විජහට මේ පැත්තෙන් වර…….!….හැබැයි මතක තියාගන් අයියණ්ඩි…..!……හැග්‍රිඩ් ගුරාගෙ පැල් කොටේ අස්සෙ ඉන්න අපේම ඉහත කාළේට එවුන්ට අපිව මුලිච්චි වෙන්ට නාකයි……!………”

14. ” කලුවර කැලේ මකුළු විමානෙට ගෙහුං අපි පණ කෙන්ද ගලවගෙන ආවේ ඔය පාවෙන දෝලාවට පින් සිද්ද වෙන්ට නගා…..”

15. ” අයියණ්ඩි ක්විඩිච් කෙළියට දස්සයා වෙච්චි……!…….අපිට නම් ඉතින් ඔය කොහු ඉදල් පදින්ට ඒ කාලෙ හිටංම බැරුවා……!……..මතකනේ අර හැග්‍රිඩ් ගුරාගේ පිහාඹින අලි බොටා පිටේ අයියණ්ඩි මාව දොක්කගෙන යද්දි මං බෙරිහන් දෙන්ට තිබා ගත්තු රඟ…….?”

16. ” සුනංගු වෙනවා මා පුතා……විජහට යන්……!…..යකඩ යකා යන්ට ගියොත් බොට අංගම් මඩුවට යා ගන්ට බැරි වෙයි……..!…..ඕං ඔය බිත්ති කණ්ඩිය අස්සෙන් රිංගාපිය හොඳ එකා වාගේ……නෑ නෑ……බය ගන්නෙ අහවල් කාරියටද…….මේ අම්මණ්ඩි ඉන්නවා නොවැ උඹ එක්කම………ඔය බකමූණු තඩියත් ඇන්න රිංගාපිය බිච්චි කණ්ඩිය අස්සෙන් විජහට………..ඔය වරිච්චිය බොගේ ඇඟේ ඇනෙන්නෙ නෑ මා පුතා…….!…….රිංගාපිය……!”

17. ” දුම්මල්ඩෝ මහ ගුරුන්නාන්සේ…….!…… හහ් හහ් හහ් හහ් හහ් හහ් හා…….!……..උඹැහෙ මූණට මුලිච්චි වෙන කල් තමා මාත් තරු ගැන ගැන උන්නේ……!……..හෙනං ස්ලිදර වල්ලියේ අංගම් සාස්තරෙ එක්ක, උඹේ ග්‍රින්ෆිදලියේ සාස්තරෙන් හැප්පිලා බලමු……!……..වර…..!”

18. ” වොල්ඩ්මෝට් නිළමේ…….!……..තට අමතක උනාට තගේ අතපය හයි හත්ති කළෙත් මංම තමා බොළ……!…..ඒ අතපය කඩන්ටත් මේ දුම්මල්ඩෝ මහ ගුරාට පුළුවන් බව තෝ මතක තියාගන්…..!……..තෝව මේ රජවාසලේදිම මුලිච්චි වෙච්චි එක හොඳා………!…..වර……! “

19. ” මයෙ අම්මටයි, අප්පොච්චටයි වින කරලා පරලෝ යවපු වොල්ඩ්මෝට් නිළමෙගෙන් වාඩුව ගන්න කල් මට මහ වාසල තනතුරු ගැන නිනව්වක් නෑ, මැක්ගොනගාලේ ගුරු අම්මේ……!………ඌව මතක් වෙනකොට මයෙ ලේ ධාතු නළියනවා…..!”

20. ” නගා……!……එදා වොල්ඩ්මෝට් මහ නිළමේ මයෙ අම්මයි, අප්පුච්චයි මරාපු දොහේ, ඌ මන්තර බලෙන් උගේ පරාණෙන් කොටහක් මගේ සරීර කූඩුව ඇතුළේ රඳවලා තීනවා නගා……!…….ඒ කියන්නෙ ….. ඒ කියන්නෙ මාත් හෝකුරුස හූනියමක්…….!……වොල්ඩ්මෝට් මහ නිළමේ උඩුකුරුඤ්ඤං කරන්ට නම්, මටත් පණ කෙන්ද දෙන්ට වෙනවා නගා…… !”

21. ” වොල්ඩ්මෝට් මහ නිළමේ…….!……….අපි මේක ආරම්භ කොරැව්ව හැටියටම ඉවරයක් කොරමු…….!……..එකටම……!”

කොහොමද සුපීරී නේද ….

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...