Entertainment Foreign Movie 

ස්නේප් කිව්ව රහස් පණිවිඩ

Reading Time: 1 minute

ඔන්න අද ලිපියෙන් ගෙනාවා හැමෝම බලලා තියන(අනිවා ශුවර් )හැරිපොටර් කතා මාලාවේ සැඟවුනු තැන් ගැන හම්මො හොඳට හොය
ලා බලනකොට හැරී පොටර් කියන්නේ මහා සංකිර්ණ කතා මාලාවක් බලන්න මම මේ කියන ඒවා ඔයට මීට කලින් මිටර් වෙලා තියනවද කියලා…

ස්නේප් කියන්නේ හැරී පොටර් කියවන,බලලා තියන කෙනෙක්ට එපාම කරපු චරිතයක්.හැමොම හිතන්නේ ස්නේප් කියන්නේ වොල්ඩෙමොට්ගේ සහචරයෙක් කියලා අඩුගානේ හැරි හිතන්නේත් එහෙමයි.නමුත් ඩම්බල්ඩොර් ඔහුව විශ්වාසය කරනවා.ඒ වගේම හර්මියොන් කියන්නෙත් ඩම්බල්ඩෝර් විශ්වාස කරන නිසා ස්නේප් කියන්නේ හොද කෙනෙක් කියලා.

සෙවරස් ස්නෙප්

 

ඇත්තටම බැලුවම මුලු හැරිපෝටර් මාලාවෙම වොල්ඩෙමොට් පරදන්න ගේම දෙනේ ස්නෙප්.ඒ සේරම කරන්නේ ස්නේප් හැරිගේ අම්මට ඒ කියන්නේ ලීලි ඒවන්ස්ට පාසල් යන කාලේ අදරේ කරපු නිසා.තම්න්ගේ ආදරේ කරපු ලිලිව මරපු නිසා තමා ස්නේප් හැරිව ආරක්ශා කරන්නේ.නමුත් හැරිට තියෙන්නේ තම පියාගේ පිනුම හා ගතිගුණ නිසා හැරිව පෙන්නන බැ…

අපි බලමු හැරිට ඔහු දුන්න මුල්ම සිග්නල් එක මොකක්ද කියලා …

හැරි පොටර් සහ මායාගල පොතේ මුලින්ම හැරි මුලින්ම ඖෂධ සංයෝජන පන්තියට ආවම එක පාරට අහනවා ස්නේප් හැරිගෙන් ” වර්ම් වුඩ් සාරයට ඇස්ෆොඩෙල් එකතුකරොත් මොකද වෙන්නේ “කියලා…හැරී උඩ බිම බලනවා තේරෙන්නෙ නැ මොකද්ද කියලා..හැබැයි ඒ වෙලාවේ ස්නේප් දුන්නේ ‍රහස් පණිවිඩයක්….

1)අපි බලමු මොකක්ද කියලා….ඇස්ෆෝඩෙල් කියන්නේ ලිලි පවුලේ ශාකයක්( හැරීගේ අම්මගේ නම ලිලි)…ඒ වගේම ඇස්ෆෝඩෙල් කියන එකට තවත් තේරුමක් තියනවා ඒ තමා “My regrets follow you to the grave”

ලිලී මාල සහ ඇස්ෆොඩෙල්

ඒ කියන්නේ ලිලි මැරුන එකට මගේ කණගාටුව පුද කරනවා කියලා
හැබැයි ඒක හැරිට තේරෙන්නේ නැ…(හැරිට තියා අපිටවත් තේරුණද බන් ඒක නැනේ”)

2) අනිත් එක තමා “වර්ම් වුඩ්” වර්ම් වුඩ් කියන එක ගුගල් වල බැලුවොත් එකේ එක තේරුමක් තමා a state or source of bitterness or grief. කියන එක ඒ කියන්නේ ඒ මරණය තමන්ට ඉතා අමිහිරි වූ එකක් කියලා.(bitterness =අමිහිරි)

ඉතින් මේක මීට කලින් මිටර් වුනේ නැ නෙද මේ වගේ තව සෙට් එකක්ම තියනවා..තව ලිපියකින් ඒ ගැනත් දාන්නම්…කොමන්ට් එකක් දාලා ශේයාර් කරන්න අමතක කරන්න එපා ඔයාගේ අදහස් අපිට ගොඩක් වටිනවා….😁😁😁👇👇

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...