Entertainment Foreign Movie 

අංක 7 හැරීපොටර් කතා මාලවට බලපාන අයිරු

Reading Time: 1 minute

ඔන්න කිවා වගේම තවත් හැරීපොටර් කතා මාලව ගැන හිතපු නැති තොරතුරු ටිකක් ගෙනාවා,ඔබ දන්නවාද හැරී පොටර් කතා මාලාව වටාම අංක 7 තදින්ම සම්බන්ධ වෙලා තියන බව.මේ ඒ ගැන විස්තරයක් තමා…

1)ක්‍රිඩිච් කණ්ඩායමෙ හැරිගේ අංකය 7

හැරිගෙ මායා ලොකේ ක්‍රිඩිච් කියන්නේ හෙනම ජනප්‍රිය ක්‍රිඩාවක්නේ ඒ වගේම හැරිපොට‍ර් ගේ අංක තම අංක 7 ,ජිනීගේ අංකය තමා අංක 6

2)ක්‍රිඩිච් කණ්ඩායමට ක්‍රිඩකයන් 7 දෙනයි

ක්‍රිඩිච් ක්‍රිඩාව හැදිලා තියෙන්නෙ ක්‍රිඩකයො 7 දෙනෙක්ගෙන් බීටර්ස් ලා 2 යි,ගොල් කීපර් 1,සිකර් 1 ,චෙසර් ක්‍රිඩකයෝ 3යි

ක්‍රිඩිච් කන්ඩායමේ ක්‍රිඩකයන්

3)හොක්කෘස් 7

වොල්ඩෙමෝර් මැරුනා කිව්වත් නොමැරී ඉන්නේ හොක්කෘස් නිසා.වොල්ඩෙමෝට් පාසල් යන කාලෙදි හිතන්නේ 7 බෙදුන ආත්මයක් තියන එක ගොඩක් ආරක්ෂා සහිතයි කියලා ඒක නිසා ඔහු හොක්කෘස් 7 හදනවා…ස්ලිතරින්ගේ මාල පෙත්ත,ගොන්ට් පවුලෙන් හම්බෙන මුද්ද(වොල්ඩෙමොට් නොදන්නවා වුනාට ඒක ඩෙත්ලි හොලොව්ස් එකද වෙනවා),හෆ්ලපෆ් කුසලානය ,ටොම් රිඩ්ල්ගේ දිනපොත,ඒ වගේම රොව්න්ක්ලෝ ගේ බුද්ධියේ ඔටුන්න සහ ඔහුගේ සර්පායා නාගිනි ,හැරී පොටර්

4)වීස්ලි පවුලේ දරුවන්

හැරිගේ මිතුරු විස්ලි පවුලේ සිටින්නෙද දරුවන් 7 දෙනෙකි.ජිනී,රොන්,ජෝර්ජ්,ෆ්‍රෙඩ්,පර්සි,චාලි සහ බිල්

5)රහස් කුටිය

හැරී පොටර් 2 වන කතා මාලාවේ තිබ්බ රහස් කුටිය කට්ටියට මතක ඇති නේද? ඒකේ රහස් කුටියට යන දොරේ තියෙන්නෙත් ස‍ර්පයන් 7 දෙනෙක්ගේ රුපයක්.

රහස් දොරේ සර්පයන් 7 දෙනා

6)හැරීපොටර් කතා මාලා නිකුත් වූයේ ද පොත් 7 කිනි

පුදුමයි නේද අංක 7 හැරිපොටර් කතා මාලාවට බලපාලා තියන විදිහ…යාළුවන් එක්ක ශෙයාර් කරන්න අමතක කරන්න එපා.. මෙම ලිපිවල ඊලග ලිපිය බැලීමට මෙතනින් පිවිසෙන්න.

 

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...