Lates Sport 

ඉන්දියන් නිලධරින්ගේ වංචාව

ඉන්දියන් ක්‍රිඩා නිලධරින්ගේ අමන ක්‍රියාකාරිත්වය නිසා ඊයේ දිනයේදි අසියානු මලල ක්‍රිඩා තරඟාවලියේදි ලංකාවට පදක්කමක් අහිමිවී ගියා.මෙලෙස තම පදක්කම අහිමිවී ගියේ ලංකාවේ   තුන්පිම්ම  ඉසව්ව නියොජනය කල විදුෂා ලක්ෂාණියට

තුන්පිම්ම ඉසව්වේදී ඇය අවසන් පිම්ම සඳහා අවස්ථාව හිමි වන විට ලෝකඩ පදක්කම් මට්ටමේ පසුවූයේ ඉන්දීය ක්‍රීඩිකාවයි. ඇගේ දක්ෂතාවය මීටර් 13.42ක් ලෙස සටහන්ව තිබුණා.

විදූෂා තම අවසන් පිම්මේදී මීටර් 13.5ක සීමාව ද ඉක්මවා යන අයුරක් දක්නට ලැබුණත් ඇය සීමා ඉර ඉක්මවා පාදය තැබූ බවට එම ස්ථානයේ සිටි ඉන්දීය ජාතික තාක්ෂණික නිලධාරීවරයා සංඥා කර තිබෙනවා.
කෙසේ වෙතත්, අදාළ සංඥාව විදූෂා තම පිම්ම අවසන්වීමෙන් පසු නිකුත් වීම විමතියට කරුණක් බවයි ක්‍රීඩා විචාරකයන් පෙන්වා දෙන්නේ.
ඇය එම තීරණය අභියෝගයට ලක් කරන විටත් දක්ෂතාව ගණනය කිරීමට නොහැකි වන ලෙස වැලි මත සටහන් මකා දමා තිබුණා.

අනතුරුව තරගාවලියේ ජාත්‍යන්තර තාක්ෂණික නිලධාරීවරයා වෙත ශ්‍රී ලංකා කණ්ඩායමෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කළ ද මෙම සිදුවීමට අදාළ වීඩියෝ දර්ශන හෝ දැක ගැනීමට ලැබී නැහැ. අවසානයේ සිය අවසන් පිම්ම සඳහා නැවත වරක් තරඟ කිරීමට විදූෂාට අවස්ථාව හිමි වුණේ ඉසව්ව සඳහා අවශ්‍ය ශාරීරික සහ මානසික සුදානම සම්පූර්ණයෙන්ම ගිලිහී යාමෙන් අනතුරුවයි.

මෙම ඉන්දිය නිලධරින්ගේ අමන ක්‍රයාකලපය නිසා දක්ෂ ක්‍රිඩිකාවකගේන් ලංකාවට හිමිවිමට තිබු පදක්කමක් අහිමිවිය 😡😡😡

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...