Political 

විදුහල්පති දණ ගැස්සූ මහ ඇමතියා පිලිගන්න නිදහස් පක්ශෙන් උත්සවයක් හාමුදුරුවෝ පිරිතුත් කියයි

Reading Time: < 1 minute

විදුහල්පතිනියක දණ ගැස්වු සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප ලබා නිදහස්වූ ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක පිළිගැනීමට උත්සවයක් සංවිධානය කර තිබුණා.ඒ අදාළ විදුහල්පතිනිය දණගැස්වූ බව කියන ඔහුගේ නිල නිවසේදී.මෙම උත්සවයට රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා ද සහභාගි වුණා.

දිවයිනේම විරෝධයට ලක්ව ඇති මෙම සිද්ධියට චෝදනා ලැබූ මහඇමතිවරයාට සෙත් පැතීමට භික්ෂූන් වහන්සේලා ද පැමිණ සිටීම විශේෂත්වයක්.එම භික්ෂූන් විසින් මහඇමතිවරයාට සෙත් පතා පිරිත් සච්ඡායනයක ද යෙදුණු අතර ඔහුගේ අතෙහි පිරිත් නූල්ද ගැටගැසුවා.එහි රැස්ව සිටි පිරිස අමතමින් ඩිලාන් පෙරේරා රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ මෙම චෝදනාව දේශපාලන මඩ ගැසීමට ගෙතූ බොරුවක් බවයි.මැතිවරණය ඇරඹෙද්දීම බදුල්ල දිස්ත්‍රික්කය නිදහස් පක්ෂය විසින් ජයගන්නා බව ආරංචි මාර්ගවලින් දැනගත් නිසා එය ව්‍යර්ථ කිරීමේ අරමුණින් මෙලෙස මඩ ගසන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

එමෙන්ම ප්‍රධාන අමාත්‍යවරයා අධිකරණ භූමියෙන් පිටත්ව යාමේ දී ඔහුට වීරත්වයක් ආරූඩ කරමින් පෙළපාලියක් ද සංවිධානය කර තිබුණා.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...