Entertainment 

බඩගින්නට පාන් කැල්ලක් නොමැතිව අසරණව ලොකු හොටලය දිහා බලන් සිටින යාචක දරුවෙක්…..අපි නොහිතන කතාව

Reading Time: 1 minute

ලංකාවේ සුපිරි වෙලඳ සැල් ලඟ,ලොකු ලොකු හොටල් අවන්හල් ලග කුසට ආහරක් නොමැතිව අසරණව ඉන්න කුඩා දරුවන් යාචකයන් කොතරම්වත් අපි දැකලා තියනවා ඒවාගේ සංවේදී ඡායාරුපයක් දුටුවම අපි කියන්නේ එක කැම වේලට දහස් ගණන් මිනිස්සු වියදම් කනකොට අර අසරණ යචකයා පාන් කැල්ලක් නැතුව ඉන්නවා කියලා..ඒත් ඇත්තටම හොදටම හිතලා බැලුවම ඒකේ තවත් පැත්තක් තියනවා…අපේ පොශ් බවේ සංකේතය කියලා හිතන් ඉන්න ලොකු ලොකු අවන්හල්,හෝටල් නිසා තව කිදෙනෙක් එදිනේදා කැමවේල හොයා ගන්නවද….මේ ඒ Damith Kethaka ගැන අපි වැඩිය නොහිතන පැත්ත ගැන ලිව්ව පොස්ට් එකකින් උපුටා ගැනීමක්….කියවලම බලන්න

හෝටලයක් ඉස්සරහා යාචකයෙක් නිදාගෙන ඉන්න ෆොටෝ එකක් හෝ,සුපර් මාකට් එකක් ඉස්සරහා යාචක දරුවෙක් බලාගෙන ඉන්න එකක් හෝ,සුපිරි අවන්හලක් ඉස්සරහා දුර්වර්ණ වෙච්ච ඇඳුමක් ඇඳගත්තු දරුවෙක් ඉන්න එකක් හෝ,කවුරු හරි ඡායාරූප ශිල්පියෙක් කැප්චර් කරගෙන ආවාම,ඒකට “කථා කරන පින්තූර” කියලා කැප්ෂන් දාන්නත්, දස පද කවි ලියන්නත් අපි හරි දක්සයි……..

මනුස්ස කම ගැන තුන් හිතක ගෑවිච්ච නැති තෙතමනයක් බොරුවට බුකියේ වපුර වපුර, සල්ලි කාරයෝ කන්න යන තැන, බඩු ගන්න තැන, කිය කියා අර ආයතනය පෙන්නමින්, විෂමතාවය ගැන හොට්ට පෙරන්නත් අපි දක්සයි…ඒ ආයතනය, හෝටලය, සුපිරි සාප්පු සංකීර්ණය ඉදිවෙන සහ පවතින ක්‍රමය ගැන මිනිස්සුන්ට වෛරයක් ඇති කරන්නත් දක්සයි…..

ඒ උනාට,අර හෝටලය, සාප්පු සංකීර්ණය, සුපිරි අවන්හල කවුරු හරි මැදිහත්වෙලා, මුදල් දාලා, ලාභ අපේක්ෂාවෙන් හැදුව නිසා,කී දාහක් දෙනා ඒ හිඟන්නා බුදියන ගල් බංකුවට නොවැටී එදාවේල හම්බ කර ගන්නවද,කී දාහකගේ දරුවෝ අර දරුවන්ගෙ තත්වයට නොවැටි කාලා, ඇඳලා ඉන්නවද, කියන එක හිතෙන්නෙ කී දෙනාටද?

තට්ටු සිය ගණන් උස ගොඩනැගිලි නොමිළේ හැදුනෙ නෑ…… ආකිටෙක්, සිවිලි ඉන්ජිනියරින් කන්සල්ටන්ට්ගේ ඉඳලා, වඩුබාස්, මිකැනික්, පයිප්ප බාස්, ඉලෙක්ට්‍රිකල් ටෙක්නීෂියන් ආදී සියළු දෙනා හොඳ ආදායමක් ලබනවා…..ඉන් පසුව ඒ ගොඩනැගිලි වල හෝටල්, අවන්හල්, සාප්පු සංකීර්ණ, කාර්යාල ක්‍රියාත්මක වෙනකොට – මැනේජර්, රෙසිප්ෂනිස්ට්, ඇසිස්ටන්ට්, ස්ටුවර්ට්, බාර් ටෙන්ඩර්, ක්ලීනර්, රූම් සර්විස් එකී, මෙකී නොකී,

දහස් ගාණක් හොඳ ආදායමක් ලබනවා…..එහෙව් ආයතනයක් ගැන සහ එහි ආයෝජනයේ ස්වභාවය සහ ආයෝජකයා ගැන සමාජ වෛරයක් ඇති කරමින් හිඟන්නෙක් පෙන්නන එක –

– තක්කඩි කමද
– නූගත් කමද
– හැඟීම් වලට වහල් වීම නිසා ඇම්මක් තිබුණා උනත්, ඇම්මට මුක්කු ගහන්න මොළයක් නොතිබීමද?

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...