Foreign Lates 

ඉරාකය මොසොල් නගරය අල්ලයි!!!

Reading Time: 1 minute

IS කැරලිකරුවන් පරාජය කරමින් මෝසුල් නගරය ජයගත් ඉරාක හමුදාවට සුබ පැතීම සඳහා ඉරාක අගමැති හයිඩර් අල් අබාඩි මෝසුල් නගරයට පැමිණෙයි.

ඉරාක අගමැති නිලවශයෙන් ජයග්‍රහණය ප්‍රකාශ කිර්මට මොසොල් නුවරට පැමිනීම [photos -CNN]
ඉරාක අග්‍රාමාත්‍ය කාර්යාලය කියා සිටියේ “නගරය නිදහස් කරගත් බව සහ ඉරාක හමුදාව ජයගත් බව” නිල වශයෙන් නිවේදනය කිරීම සඳහා අගමැතිවරයා මෝසුල් බලා ගිය බවය.

මොසුල් නගරය මුදා ගැනීම සඳහා ඉරාක හමුදාව සටන ආරම්භ කළේ පසුගිය වසරේ ඔක්තෝම්බර් 17වැනිදා ය.

20 ISIS Terrorists Including Arab Nationalities Killed in Ramadi @CNN

ISIS සංවිධනය ඉරාකයේ විශාල භූමි ප්‍රදේශයක බලය ලබාගැනිමට ප්‍රතමව මෝසුල් නගරය අත්පත් කර ගත්තේ 2014 වසරේ ජුනි මාසයේදී ය. ඉරාක හමුදාවට මොසොල් නගරය ලබාගැනීමට මාස 9 ක් සටන් කිරීමට සිදුවිය.

මොසොල් මුදවාගැනීමේ සටනට ඉරාක හමුදාව සමග කුර්දි සටන් කරුවන් හා සුන්නි මුස්ලිම් ජාතිකයන් ශියා සටන් කරුවන්ද එක්වූහ.

මෙම නගරය බෙරාගැනිමට පෙර මොසොල් නගරයේ ලක්ෂයක පමණ ජනතාවක් අවතැන්වී සිටිහ.ලොව පුරා සිටින සමය ගරුකරන අන්තවාදය ප්‍රතික්ශේපකරන සියලු ජනයාගේ ජයග්‍රහණයක් ලෙස මෙම යුධ ජයග්‍රහණය හැදින්විය හැක.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...