Entertainment 

මහපරේ ගීතගයා ලොකයේම සුප්‍රසිධ ගායකයෙක් වූ Ed Sheeran ගැන ඔබ නොදන්නා කතාව

Reading Time: 1 minute

Ed Sheeran යනු මේවන විට ලෝකයේ ඉතාමත්ම ජනප්‍රිය ගායාකයෙක් ඔහුගේ “Shape Of you” සහ “perfect” වැනී ගීත මේ වන විට යූටුබ් තුල බිලියනයකට වඩා ප්‍රමාණයක් නරඹන ලද ගීත බවට පත්ව අවසන්.මේවන විට ලෝකයේ ඉහලම ජනප්‍රියතලයක එඩ් ශිරන් සිටියත් ඔහු මේ දක්වා පැමිණි‍යේ ලෙහෙසි පහසුගමනක් නොවේ.

එඩ් ශිරන් ගායනයට හා ගිටාර් වාදනයට පුරුදු වෙන්නේ කුඩා කලාම. ඒ කියන්නේ තමන්ට වයස අවුරුදු 4 දී. හැබැයි එඩ් ශිරන් අධ්‍යාපනය පැත්තෙන් නම් එච්චර දක්ෂතා දැක්වූ කොල්ලෙක් නෙවෙයි. මේ හේතුව නිසාවෙන්ම ඔහුව පාසල් ළමුන් අතර කොන් වුනා.මේ චරිතය තමන්ගේ ජිවිතයේ ලොකුම තීරණය ගන්නේ අවුරුදු 16 දී. ඒ තමයි, අධ්‍යාපනයට සමු දෙන මොහු වෘතිය සංගීතඥයෙක් ලෙස ලොකු ගමනක් ආරම්භ කිරීමයි.

ඒත් ඔහු හිතුව තරම් ඔහුගේ ආරම්භ සාර්ථක වුනේ නැහැ.තමන්ගේ අරමුණ සඵල කරගැනීමට ලන්ඩන් නුවරට එන එඩ් ශිරන්හට අතේ වියදමට වත් සතයක් තිබී නැහැ.මොහුගේ නිදියහන වුයේ ලන්ඩන් නුවර පිහිටි උමං දුමරියක. එඩ් ශිරන් පවසන පරිදි 2008, 2009 සහ 2010 යන අවුරුදු 3 නේම ඔහුටම කියලා ඉන්න හිටින්න තැනක් තිබිලා නෑ.

විදි ගායකයෙක් ලෙස ගීත ගයානාකරමින් එදිනෙදා ජිවත්වීමට අවශ්‍යමුදල් සොයාගත්තා

ඉන්න සිටිනවත් තැනක නැතුව සිටි එඩ් මේකාලයේ කුඩා පිරිසි එකතුවන තැන්වල ගීත ගායනාකලා.විදි ගායකයෙක් ලෙස ගීත ගයානාකරමින් එදිනෙදා ජිවත්වීමට අවශ්‍යමුදල් සොයාගත්තා.කෙසේ නමුත් 2011 දි ඔහුගේ ජිවිතේ ඔහු කවදාවත් නොසීතු වෙනසකට ලක්වෙනවා.

ඒ තමා ඔහුගේ ගිතයක් iTune හරහා නොසීතූ ලෙස ප්‍රසිද්ධියටපත්වීම.ඔහුගේ එම ගිතය iTunes ගීත දර්ශකයේ දෙවෙනි ස්ථානය ලබාගන්නවා.එම වසර අවසානයේ ඔහුගේ එම ගීත ඇල්බමයේ පිටපත් 80,000ක් අලවීවී වසරේ වැඩිම ඉල්ලුම තිබූ ගීත ඇල්බම් අතර 8 වනන්ස්ථානයට පත්වනවා.

ed-sheeran සහ taylor-swift

2017 ජනවාරි 30 වන දින එඩ් ඔහුගේ Shape Of You සින්දුව නිකුත්කරනවා . එතැන් පටන් බලන කල ගතවූ මාස 4 ඉවර වෙද්දී ලොව නිකුත් වූ ප්‍රසිද්ධම ගීත අතරින් එකක් බවට පත්වීමට මොහුගේ ශේප් ඔෆ් යු ගීතයට පුළුවන් වී තිබෙනවා. ඒ කියන්නේ දැනට YouTube හි පමණක් මෙම ගීතය බිලියන 3.2 ක් පමණ එම ගිතය නරඹා තිබෙනවා.

එඩ් ශිරන් කියන්නේ වර්ථමානයේ ඉන්නේ ප්‍රසිද්ධම සහ දක්ෂ ගායකයෙක්.එන් පසුව ලොකයේ ජනප්‍රිය ගයකයන් වන එමිනම් සහ taylor swift වැනි පිරිස් සමගද ගිත ගයනා කරනවා එම ගීත ලොකයේ ඉතාමත් සුප්‍රසිද ගීත බවට පත්වනවා.ඔහු මෙතරම් සාර්ථක වීමට ප්‍රධානම හේතුව වන්නේ ඔහු තමන්ගේ දක්ශ තාව හදුනාගෙන ඒ මාර්ගයේ ගමන් කිරීමයි ඒවගේම ඔහුගේ තිබූ නොපසුබස්නා උත්සහයයි…

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...