Local 

ඌවේ මහ ඇමති නැවත ක්‍රියාත්මකයි – පොලීසිය ලවා විදුහල්පතිනිය ආයෙත් අරන් ගිහින් ලූ , අසරණ විදුහල්පතිනිය මේ වනවිටත් රෝහලේ .! (EXCLUSIVE) (AUDIO)

Reading Time: 1 minute

ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක ඉදිරියේ දණ ගැස්වූ බව කියන බදුල්ල දෙමළ විද්‍යාලයේ විදුහල්පතිවරිය පිළිබදව පසුගිය දිනවල කතාබහක් ඇති වුනා.කෙසේ වෙතත් මෙම සිදුවීමට අදාළ විදුහල්පතිනිය අද (21) දහවල් කාළයේ පොලිස් ජීප් රථයක නංවාගෙන නැවතත් ප්‍රධාන අමාත්‍යවරයාගේ නිවසට ගෙන ගොස් තිබෙන බව පාර්ලීමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් නෙත් ගොසිප් වෙබ් අඩවියට වෙත පවසා තිබෙනවා.

ඉන් අනතුරුව ඇයව පොලිස් ජීප් රථයේම නංවාගෙන බදුල්ල ප්‍රදේශයේ රජයේ රෝහලකට ගෙන ගොස් , මේ මොහොතේ (13;30) වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර තිබෙන බවයි එම ස්ථානයේ සිටින පාර්ලීමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් වැඩිදුරටත් නෙත් ගොසිප් වෙත අදහස් දක්වමින් පවසා සිටියේ.

මේ පිළිබදව පාර්ලීමේන්තු මන්ත්‍රීවරයා අපට දැක්වූ අදහස් පහතින්

උපුටා ගැනීම-nethnews

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...