Political 

විදුහල් පතිනිය දගස්වා සමාව ගත් ආකරයේ සියල්ල හෙලිවේ

Reading Time: < 1 minute

බදුල්ලේ දෙමළ විද්‍යාලයේ විදුහල්පතිනිය දණගස්සවා තමන්ට බලෙන් වන්දවාගත් පුවතක් පසුගියදා අපි ඔබට වාර්ථා කලා.මෙම සිදුවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබුණු ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දිසානායක සියළු චෝදනා ප්‍රතික්ෂේප කරමින් තමන් එවැනි ක්‍රියාවක් නොකල බවට ප්‍රකාශ කර තිබුණා. එසේම අදාල විදුහල්පතිවරියට තමන්ට විරුද්ධව කටඋත්තර ලබා නොදෙන ලෙසද බල කර තිබුණා.

කෙසේ නමුත් .අදාළ සිද්ධිය මුහුණදුන් විදුහල්පතිය අද (19) අධ්‍යාපන බලධාරින් හමුවේ සියල්ල හෙලිකර තිබුණා.එහිදී අදහස් දක්වමින් ඇය මෙසේ ප්‍රකාශ කලා.“ මට තර්ජනය කර බලපෑම් කළා. මහ ඇමතිට විරුද්ධව සාක්ෂි දෙන්න එපා කියලා පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරියෙක් කිව්වා. මගේ කට උත්තරය ලියලා දුන්නේ ඌව පළාතේ අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරියෙක්“

විද්‍යාලයේ විදුහල්පතිනිය මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශකල සම්පූර්ණ විඩියෝව

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...