Local 

බදුල්ලේ විදුහල්පතිනිය දණගස්වා මහ ඇමති තර්ජණය කල හැටි හෙලිවේ (විඩියෝ සහිතයි)

Reading Time: 1 minute

බදුල්ලේ දෙමළ විද්‍යාලයේ විදුහල්පතිනිය දණගස්වා ඌව ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක නරුමයා කල අපරාදය ගැන මේවන විට සියලු කරුණු අණාවරණය වෙමින් පවති.ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දිසානායක මහතා විසින් තර්ජනය කොට බැණ වැදී දණ ගස්වා වන්දවා ගත් බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය මීට සුළු වේලාවකට පෙර පාපෝච්චාණයක් කළාය.

තමන් මුහුණ දුන් අත්දැකීම විස්තර කරමින් මෙම විදුහල්පතිනිය සඳහන් කළේ තමාට තර්ජනය කොට, බලහත්කාරයෙන් මෙම පිරිස රූපවාහිනී නාලිකාවක මාධ්‍යෙව්දියකු යැයි කියාගන්නා ලද පුද්ගලයයෙකු ඉදිරියේ ප්‍රකාශයක්ද ලබාගත් බවයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් කැෆේ සංවිධානය මාධ්‍ය වෙත සහ අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් වරයා වෙත කරන ලද පැමිණිල්ලකට අනුව අධ්‍යාපන අමාත්‍යංශය මගින් විමර්ශනයක් ආරම්භ කළ අතර එහිදී ඇය විසින් ලබාදිය යුතු කට උත්තරය පවා ලියා තේරුම් කරදී ඇත්තේ ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරියෙකු විසිනි.ඌව පළාතේ දේශපාලඥයින්ගේ නිවෙස් සහ කාර්යාල වල නිතර දැකිය හැකි මෙම නිලධාරියා තමාට සිදුකළ තර්ජන ශිෂ්ට මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කළ නොහැකි බවද මෙම අතවරයට ලක්වූ විදුහල්පතිනය අප සමඟ පැවසුවාය.

විදුහල්පතිනිය තමන්හට මුහුණ දෙන්න සිදුවූ සිදුවිම ප්‍රකාශ කල අයුරු…

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...