Sport 

බන්ග්ලාදේශය සමග ශ්‍රි ලංකාව තරගඟයේ අලුත්ම තත්වය(LIVE Updated)

Reading Time: 1 minute

තුන්කොන් එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවැනි තරගය අද (19 දා) බංග්ලාදේශය සමග දිවා රාත්‍රි තරගයක්‌ ලෙසින් පැවැත්වේ. තරගය මීපූර් හී පිහිටි ෂෙයා බංග්ලා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර මෙම තරගය පෙරවරු 11.30ට ආරම්බකලේයතරගයේ කාසිය වාසිය දිනු බංගලාදේශ කණ්ඩායමේ නායකයා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේයශ්‍රී ලංකා නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස්‌ සිම්බාබ්වේ සමග පැවැති තරගයේදී ආබාධයකට ලක්‌වීම හේතුවෙන් කණ්‌ඩායම මෙහෙයවීමේ වගකීම දිනේෂ් චන්දිමාල්ට පැවරී තිබේ.

අබාධයට ලක්වු ඇන්ජලෝ මැතිව්ස් වෙනුවට නිරෝෂන් දික්වැල්ල කණ්ඩායමට කැදවා ඇති අතර වේගපන්දු යවන ක‍්‍රීඩක දුෂ්මන්ත චමීර වෙනුවට නුවන් ප‍්‍රදීප් කණ්ඩායම කැදවා ඇත.බංගලාදේශ කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදු කර ඇති අතර වමත් වේගපන්දු යවන ක‍්‍රීඩක සන්සමුල් ඉස්ලාම් වෙනුවට මෙහොමඩි සෆියුඩීන් කැදවා ඇත

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති තරගයෙන් පරාජයට පත්වු ශ‍්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ වැඩි බලාපොරොත්තු තබාගැනීමට නම් අද පැවැත්වෙන තරගය ජයග‍්‍රහණය කල යුතුය,කෙසේවෙතත් බන්ග්ලාදේශය මේවන විට විකට් 7 දැවී ඕවර් 50 තුල ලකුණු 320 වර්ථාකලහ. තමීම් ලකුණු 84 ලබාගත් අතර ශකීබ් සහ රහීම් ලකුණු 67 සහ 62 බැගින් ලබාගත්ත.

ශ්‍රි ලංකාවේ දුර්වල පන්දු රැකීම මෙම තරඟාවලියේදී කැපී පෙනින .පෙර තරගයේ මෙන්ම කුසල් මෙන්ඩිස් මෙවරද උඩපන්දුවක් අත හැරියේය.දුර්වල පන්දු රැකීම සහ දුරවල පන්දු යැවීම හමුවේ ශ්‍රි ලංකාවට ඉතා අපහසු ඉලක්කයක් ලබාදීම බන්ග්ලාදේශය සමත්විය.

පන්දු යැවීමේදී තිසර පෙරේරා විකට් 3 ද,නුවන් ප්‍රදීප් විකට් 2 ද අකිල ධනංජය සහ අසේල ගුණරත්න විකට් 1 බැගින් ලබගැනීමට සමත්විය මේවන විට ශ්‍රි ලංකාව විකට් එකක් දැවී ලකුණු 13 ලබාසිටි.ශ්‍රි ලංකාවට මෙය අසීරු ඉලක්කයක් වුවත් පිතිකරුවන්ට යෝග්‍ය තණතිල්ලක් නිසා මෙම ඉලක්කය ලබාගැනීමට හැකියාවක් ඇති බව ක්‍රිකට් විචාරකයන් පවසයි

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...