Local 

ශ්‍රි ලංකාවේ තරුණියක් ජනපතිට කියලා දුන් අපූරු පාඩම

Reading Time: 1 minute

කන්ටතාවන්ට සම අයිතිවාසික දී කන්තාවන් බල ගැන්වීමට ක්‍රියාකරනවා යැයි පවසමින් කාන්තා සුරා තහංචිය සම්බන්ධයෙන් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කිරීම “කුහක ක්‍රියාවක්” බව ට්විටර් සමාජ ජාලයේ අදහස් පළ කරන ඇතැමෙකුගේ මතය වී තිබේ.

එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ ඉගෙනුම ලබන කාවින්ද්‍යා තෙන්නකෝන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත සටහනක් තබමින් ට්විටර් සමාජ ජාලයේ අදහස් පළ කරමින් පවසා තිබුණේ අධ්‍යාපනය ලබන අතරතුර තමන් මත්පැන් හලක සේවයේ නිරත වන බවය.

“ඔබේ රටේ කාන්තාවෝ තමන් ගැන තීන්දු ගන්න තරම් ස්වාධීනයි. දවස් දෙකකට කලින් තරුණ ගැහැණු ළමයෙකු දුෂණය කර තිබුණා. එවැනි සැබෑ ප්‍රශ්න ගැන අවධානය යොමු කරන්න. ඔබේ පුරුෂෝත්තමවාදය පසුවට තබා ගන්න.”

කන්තාවන් ගේ අයිතින් නැවැත්වීම අසධර ලෙස ඇතමෙක් පවසන අතර තවත් පිරිසක් පවසන්නේ බෞද්ධ රටක කාන්තාවන්ට මත්පැන් භාවිතය නැවැත්විය යුතු බවයි.කෙසේවෙත් අප එක කරුණක් තේරුම් ගතයුතුය අපගේ රටේ සිටිනා මිනිසුන්ගේ මානසික මට්ටම එංගලන්තයේ වැනිරටක සිටිනා මිනිසුන්ගේ මානසික මට්ටමට වඩා වෙනස් බවයි…අප්ගේ රටේ බාර් එකක කාන්තාවක් සේවය කලහොත් සිදුවන්නේ එම කාන්තාවට සමූහ දූශණය විමටයි..අද ශ්‍රි ලංකාවේ තරුණියකට පරේ පවා කුණුහරපයක් අසගන්නේ නැතුව යාමට බැරි තත්වයක් උදාවී ඇත.කාන්තාවක් වූවා කියා පිරිමින්ට ඇති අයිතින් ඔව්න්ට නොලැබි යාම සත්‍ය ලෙසම අසාධාරණයකි.නමුත් ශ්‍රි ලංකවේ යම් ක්‍රියාවක් කරන විට යම් යම් සීමාවලට යටත්ව සිදුකල යුතුය..අපේ රටේ මිනිසුන් තවමත් සිටින්නේ මිටවඩා අවුරුදු ගණනක පිටුපසිනි…

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...