Foreign 

චීනයේ සීතලට ගල් වුනත් පාසලට පැමිණි කුඩා දරුවා (විඩියෝ සහිතයි)

Reading Time: 1 minute

පසුගිය දවසක චීනයේ යුනාන් ප්‍රාන්තයේ ෂින්ජිහි ප්‍රථමික පාසැලේ වසර අවසාන වාර විභාගය පැවැත් වුණා.විභාගයට සිසුන් 17 දෙනෙකු පෙනී සිටිය යුතුව තිබුණත් එක් සිසුවෙකු පැමිණ නැති බව ප්‍රධාන ආචාර්ය වරයට පෙනී ගියේ පන්ති කාමරයේ සිසුන් 16 දෙනෙකු පමණක් වාඩි වී සිටීම නිසයි….අත් ඔරලෝසුව දෙස බලා සිටි ආචාර්ය වරයා පුදුම කරමින් හිමෙන් වැසී ගිය සුදු හිසක් සහ සුදුවී ගිය ඇහි බැමක් ඇති කුඩා දරුවක් හදිස්යේම පන්ති කාමරයට ඇතුළු වුණා.

නිමේෂයකින් පියවි සිහියට පැමිණි ප්‍රධාන ආචාර්ය වරයට තේරුම් ගියේ මේ පැමිණ ඇත්තේ නියමිත වෙලාවට පැමිණි නොසිටි කුඩා දරුවා බවයි.ඔහු වෙත ලංවී බැලූ ඔහුට සිය ඇස් අදහා ගැනීමට නොහැකි වූයේ 8 හැවිරිදි මේ කුඩා දරුවාගේ කොණ්ඩය සහ ඇහිබැම සීතලෙන් අයිස් වී ගොස් සිටි නිසයි.ඔහුගේ දෑත් තද සීතල නිසා ගල් වී තිබුණා.

හිම කුණාටු මධ්‍යයේ විභාගය අතපසු කිරීමට මැලි වූ මේ කුඩා දරුවා කිලෝමීටර් 5 ක පමණ දුරක් හිස් වැසුමක් වත් නොමැතිව පාසලේ වෙත හුදකලාවම පැමිණ තිබුණා…ආචාර්ය වරයා තවත් පුදුමයට පත් වූයේ ඒ අවස්ථාවේ පරිසරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ -9 ලෙස උෂ්ණත්ව මානයේ සටහන් ව තිබීමෙන්.

යුහුසුළු වූ ආචාර්ය වරයා මෙම සූර වීර දරුවාගේ ජායාරුප කිහිපයක් ගෙන මුහුණු පොතට එකතු කලේ ඔහුගේ වීර ක්‍රියාව ගැන සටහනක්ද තබමනි.ඔහුගේ පරමාර්ථය වුයේ මෙම ක්‍රියාව අනෙක් දරුවටත් ආදර්ශයක් වනු දැකීමයි.

නමුත් අන්තර්ජාලය හරහා සීග්‍රයෙන් පැතිරී ගිය මෙම පුවත කණ වැකුණු බොහෝ ලෝක වාසීන් මෙම කුඩා දරුවාට උදව් කිරීමට එක් රොක් උණා.“Ice Boy” යන අනුවර්ත නාමයද පටබැදුණු මේ කුඩා දරුවාගේ මෙම ක්‍රියාව ලෝකයාගේ පැසසුමට ලක් වූවා පමණක් නොව උණුසුම් කබා, සපත්තු , අත් මේස් ගැනීමට ඇමෙරිකානු ඩොලර් 15,000 ක පමණ මුදලක්ද ඔවුන් විසින් ඒවා තිබුණා.ඊට අමතරව පාසැල වෙත කාමර උණුසුම් කිරීමේ උපකරණ 20 ක්ද උණුසුම් කබා 144 ක්ද ඒවා තිබුණා.

දෙමාපියන් විසින් සියලු දේ කර දෙන තුරු බලා සිටින බොහෝ දරුවන්ට මෙන්ම සියළු සැප පහසුකම් විදිමින් එකී මෙකී නොකී සියල්ලටම ගහ මරා ගන්නා අපගේ පාසල් සිසුන්ටද දුප්පත්කමින් බැට කමින් සිය වයෝවෘද්ධ ආච්චි අම්මා සමග ජීවත් වෙන ice boy වැනි දරුවන්ගෙන් ඉගෙන ගත හැකි පාඩම් බොහෝ බව මාගේ විශ්වාසයයි.

-උපුටා ගැනීමක්-

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...