Entertainment 

ඉන්දියාවේ තහනම් කරපු “පද්මාවති” රනිල් ලංකාවට ගෙනෙයි

Reading Time: 1 minute

ජනප්‍රිය බොලිවුඩ් සිනමා අධ්‍යක්ෂ සන්ජේ ලීලා බන්සාලි විසින් අධ්‍යක්ෂණය කළ ‘පද්මාවතී’ සිනමාපටය ඉමහත් ආන්දෝලනයකට ලක්වුණු සිනමා පටයක්. පසුගිය දෙසැම්බර් මස නිකුත් කිරීමට සූදානම් වූ සිනමාපටය දැඩි ජනතා විරෝධය හේතුවෙන් ප්‍රදර්ශන තහනමකට ලක් කෙරුණා.ජනවාරි මස 25 වැනිදා එය නැවත තිරගත කිරීමට සැලසුම් කළද ජනතා විරෝධය හේතුවෙන් යළිත් වරක් ප්‍රදර්ශනය කල් දැමීමට සිදුවී තිබෙනවා.

පද්මාවතී යනු අතීතයේදී ශ්‍රි ලංකාවේ සිට රූමත් කුමරියකි, රාජස්ථානු රජ කෙනකුගේ බිසව වනු පිණිස, පරිවාර සෙනඟක් ද සහිතව එහි ගිය අතර එහිදී, ‘පද්මාවත’ කාව්‍යයට අනුව, දිල්ලියේ රජකම් කළ තුර්කි ආක්‍රමණිකයකු වන අලවුද්දීන් කිල්ජි, පද්මාවතී පැහැර ගනු පිණිස යුද වදී. ඉන් ඔහු ජයගනු ලැබුවද, පද්මාවතිය සියදිවි නසාගැනීම නිසා, සිය අභිප්‍රාය ඉෂ්ටකරගත නොහැකි වෙයි. පුරාවෘතය මෙසේ වුවද චිත්‍රපටයේදි පද්මාවතී හා අලවුද්දීන් පෙම්වතුන් බවට පත්කෙරෙයි.

කෙසේ නමුත් චිත්‍රපටය ප්‍රදර්ශනය කරන දිනට සමගාමීව එදිනම ශ්‍රී ලංකාවේ විශේෂ දර්ශනයක් පවත්වන්නැයි ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉල්ලා ඇති බව ආරංචි වෙනවා. ශ්‍රී ලංකා රැඟුම් පාලක මණ්ඩලයෙන් අග්‍රාමාත්‍යවරයා කරන ලද ඉල්ලීමකට අනුව ‘පද්මාවතී’ චිත්‍රපටය ඉන්දියාවේ තිරගත කෙරෙන දිනම විශේෂ දර්ශනයක් ශ්‍රී ලංකාවේද පැවැත්වෙනවා. ඒ සඳහා විශේෂ ආරාධිත ප්‍රභූන් පිරිසක් සහභාගී වන බවද ආරංචි වෙනවා.

රැඟුම් පාලක මණ්ඩලය මේ සම්බන්ධයෙන් අධ්‍යක්ෂ බන්සාලි සමග සාකච්ඡා කර ඇති බවත්, ඔහු ඒ සඳහා එකඟත්වය පළකර ඇති බවත් තොරතුරු වාර්තා වෙනවා.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...