Uncategorized 

අවුරුදු 25 කට පසු තමන්ගේ මව සොයා දුන් Google Earth

Reading Time: 2 minutes

සාරෝ (Saroo Brierley)යනු ඉන්දියාවේ Khandwa නම් කුඩා ගමක ඉපදුන දරුවෙකි.ඔහුට Guddu නමින් ඔහුට වඩා වැඩිමහල් සහෝදරයෙක්ද සිටිනවා කුඩා කාලයේදි ඔවුන්ගේ පියා පවුල අත හැර යන අතර මව ඔව්න් දෙදෙනා රැකබලා ගැනීමට කුලී වැඩ කිරිමට සිදුවනවා.නමුත් එයින් උපයන සොච්චම් මුදල දරුවන් පෝශනය සදහා මදිවනවා.බොහෝ අඟහිඟකම් මැද ජිවත් වන මොවුන්, Saroo අවුරුදු 5 වනවිට මුදල් ඉල්ලීමට සහ කැමට යමක් යොගැනීමට අසල ඇති දුම්රිය ස්ථානයට ‍යැම පුරුද්දක් කරගන්නවා.සමහර දිනවලට Saroo ගේ අයියා වන Guddu හට හිස් දුම්රිය මැදිරි අතුගා යම් මුදලක් සොයා ගැනීමට එහිදී හැකියාව ලැබෙනවා.

භුරාන්පූර් නගරය

එක් සැන්දැවක Guddu තම මල්ලි වන Saroo හට පවසන්නේ ඔහු දුම්රියෙන් කන්ඩවා(Khandwa) සිට භුරාන්පූර් (Burhanpur) බලා ගොස් එමට සිතන බවයි. ඔහු සමග යාමට තමාටද හැකිදැයි කුඩා Saroo විමසන අතර,Saroo සමග භුරාන්පූර් වලට යාමට Guddu කැමති වනවා.එවිටම වාගේ දුම් රිය පැමිණෙන අතර කුඩා Saroo දුම්‍රියට නගින අතර ඔහුගේ අයියට දුම්රි-යට නැගීමට නොහැකිවනවා දුම්‍රියේදී නින්ද යන Saroo නිදෙන් ඇහැරෙන විට සිටින්නේ තමා නොදන්නා පාලතකයි.ඔහුට නොදැනීම ඔහු තම නගරයේ සිට කිලෝමිටර් 1500 පමණ දුරින් සිටින කොල්කටා නගරයට පැමිණෙනනවා.

කොල්කටා නගරයේ ඉබාගතේ ඇවිදිමි සිටිනා අතර Saroo දුටු තරුණ‍යෙක් ගෙන ගොස් එරට පොලීසියට බාරදෙනවා.පොලිසි විසින් Sarooව ආනාත දරුවන් සිටිනා අනාථ නිවාසයකට බාරදෙනවා එහිදි Saroo හදා ගැනීමට ඕස්ට්‍රේලියානු යුවලක් කැමතිවනවා.ඉන්පසුව ඕස්ට්‍රේලියාව බලා යන Saroo අවුරුදු 25 ක් ඔස්ට්‍ර්‍රේලියාවේ ජිවත්වනවා.

Saroo සහ Saroo හදා ගැනීමට ගත් දෙමාපියන්

Saroo අවුරුදු 25 කට පසු තම මුල් ගම් ප්‍රදේශය ගැන සෙවීමට පටන් ගන්නවා.ඔහූ මේ සදහා යොදාගන්නේ Google Earth වෙබ් අඩවියයි.Google Earth වෙබ් අඩවියෙන් ඔහුට දන්නා එකම නගරය වන කොකටා නගරය අවට සෙවිමට පටන්ගන්නවා…ඔහුට කුඩකාලයේ රාත්‍රින් උණුසුම් බව මතක්වනවා එම නිසා ඔහු කොල්කටා නගරයෙන් ඉහල ප්‍රදේශය පිලිබඳ සෙවීමෙන් වලකිනවා.ඔහූ ගූගල් එරත් වෙබ් අඩවියෙන් ඔහුට හුරුපුරුදු ප්‍රදේශයක් හමුවන තුරු පාරවල් දිගේ ගූගල් අර්ත් හරහා සෙවීමේ නිරතවනවා.අවුරුදු 3 පුරා ඔහු සවස 5 සිට උදේ 2 දක්වා සෙවීමේ කටයුතු වල නිරථවනවා.ඔහු අවුරුදු 3 පුරා පැය 9855 පූරා ඔව්න් මෙම සෙවිම සිදුකරනවා.

Saroo ගේ මුල් නිවස

වසර 3 කට පසු Saroo හට ඔහුගේ මතකයේ තිබූ දුම්රිය ස්ථනය,වතුර මල සහ වටරවුම් මාර්ගය සහිත ප්‍රදේශයක් හදුනා ගැනීමට හැකිවනවා.එම දුම්රිය නැවතුම් පොල වන්නේ භුරාන්පූර් දුම්රිය ස්ථානයයි.ඉනපසුව ඔහුට අවට ඇති පාරවල් හදුනා ගැනීමට හැකියාව ලැබෙනවා.ඉන් පසුව ඔහුට ඔහුගේ නිවස තිබූ ස්ථනය google earth මගින් සොයා ගැනීමට හැකිවනවා.ඉන් පසුව 2012 පෙබරවාරි 12 වනදා Saroo අවුරුදු 25 කට පසු තමන්ගේ මුල් ගමට පැමිණෙනවා.ඔහු ඔහුගේ නියම මව සොයා ගන්නා අතර.ඔහුගේ කාතාව ඔහු A long way home නමින් පොතක් ඔහු ලියනවා.ඉන් පසුව තම දුප්පත් මවට නිවසක් මිලදිගන්නා අතර මවව එම නිවසේම තබාගෙන දුප්පත් කමින් මුදාවාගෙන හොදින් රැකබලා ගන්නවා. ලෝකය පුරාම ඉන්පසුව මෙම කතාව Lion නමින් චිත්‍රපටයක් පවා සදනවා

Saroo තමගේ ඇත්ත මව සමග අවුරුදු 25 කට පසු

 

සාරෝ ගේ ඇත්ත මව සහ හදාගත් මව

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...