Local 

ගෙදර බුදුන්ට බොන්න තහනම් අරබියේ ගෙහින් සීල්කරපු මිනිපෙට්ටියේ එන්න පුලුවන්

Reading Time: 1 minute

කාන්තාවන්ට මත්පැන් මිලට ගැනීමට ඉඩකඩ සලසමින් ආණ්ඩුව විසින් ජනවාරි 10 බදාදා නිකුත් කරන ලද චක්‍රලේඛය අවලංගු කරන බව  පැවසීය.කාන්තාවන් රට තුල අන්ත දුක් විදිනවෛ දිගින් දිගටම  අසාධාරණයට ලක්වන විට ගැලරියට ආතල් දිමට ලංකාවේ දේශපාලකයන් කරනා ගොං වැඩ ගැන Damith Kethaka මහතා විසින් පලකරන ලද පොස්ට් එකක උපුටාගත් කොටසක් පහල ඇත

මේ රටේ ඉන්නා කාන්තාවන් වනාහි තමන් විසින්

– තම විනෝදය, ආශ්වාදය ගැන,
– තම සිරුර ගැන, ගැබ් ගැනීම හෝ නොගැනීම ගැන,
– තමන් විවාහ වන්නේද, නැතිද යන්න ගැන,

තනියෙන් තීන්දුවක් ගත නොහැකි, මනසින් නොවැඩුණු පිරිසකි….ඒ උනාට මෙරට පු# සංස්කෘතියේ “ඩොම්බ එක” රැකෙන්නේ මෙවැනි තමන්ට තනි තීන්දුවක් ගැනීමටවත් නොහැකි දුර්වල පිරිසකගේ රෙද්ද පල්ල ලස්සනට තිබුණොත් පමණි…… ඒ නිසා කොහොම හරි නීති රීති දමා මේ කාන්තාවන්ට වැදුම් ගෙය හොයා ගන්නත්, කුස්සිය හොයා ගන්නත්, පිරිමින්ට ඕන වෙලාවට ඇඳ හොයා ගන්නත්, අනිත් වෙලාවට කොස්ස, ඉදල සහ හැන්ද හොයා ගන්නත් හැකි තරමට සිහිය පවත්වා දිය යුතුමය….. නැත්තන් මේ ලෝකෙන් උතුං, සුවඳ හමන, රැස් විහිදෙන, බෝල බෝල, ෆින් බිමේ දෙව් බඹුන් පවා වෙන වැඩ නැති නිසා රැස්වී වඳින “තද තද ලොකු එක” ලාචෝර වී යනු නියතය…. ඒ නිසා ගැහැණුන් වෙනුවෙන් එක හෝ ප්‍රගතිශීලී පියවරක් ඉස්සරහට තියන්න ඉඩ නොදී, මහන යකාලා, කා(බාසිනි )ඩිනල්ලා, ඇතුළු නාකි පිරිමි විසින් නිර්දේශ කරන පරිදි, උන්ගේ හබස් වල තියෙන විදිහට වැඩ කෙරෙන බවට සියල්ලෝම වග බලා ගත යුතුය…..

නැත්තන් මාතෘත්වය කෙළෙසනවාය…….එහෙම උනොත් ඒක හරි අවුල්ය……ගෙදර බුදුන්ට බුදු වෙන්න බැරිම වෙනවාය….. මොකද කිව්වොත් මේක ඇවිල්ලා කාන්තාවන්ට හරි ඉහළින්ම සළකන රටය…

– ඊනියා ගෙදර බුදුන්ලා ලක්ෂ 16 ක් මැද පෙරදිග අරාබි කාරයන් අතින් ගුටි කන එක, ඇණ ගස්සා ගන්නා එක, සීල් කරපු මිනී පෙට්ටියෙන් එන එක, එක්ස්-රේ එකක් අරන් බැලුවාම ඇඟේ හැම හන්දියකම යකඩ ඇණ බස්සා තියෙන එක, ලප කැළලක් හොයා ගන්න නැති එක අඟලක් ශරීරයේ නැති එක, වකුගඩු දෙකෙන් එක්ක, අක්මාවෙන් කොටසක් අඩු එක, බෙල්ල යන එක ගැන මේ සංස්කෘතික පුකයියලාට සහ මෝඩයින්ගෙ ගාණෙ පින් බත් කන වාහෙලාට ගාණක් නැත…..

– ළදැරියකට වත් නිරුපද්‍රිතව තමන්ගේම ගෙදර කාමරේක නිදාගෙන ඉන්න නැති එක ගැන මේ ගෝතයින්ගේ ඇස් ඇරිලා නැත…- තරුණ කෙල්ලෙකුට කුණු හරුපයක් අහ ගන්නේ නැතිව ටවුමේ ගමනක් ගොස් නිවසට එන්නට බැරි තරමේ සමාජයක් තිබීම ගැන මූලාට වගේ වගක් නැත….- අමාද්‍යප වීම ගැන ඔය තරමට පු$කේ අමාරුවක් තියෙනවා නම්, ගෑණු පිටරට ගිහින් දුක් විඳලා හම්බ කරලා එවන දොයිතුවෙන් මෙරට ජීවත් වන මානසික පොන්යි#න් කුණු වෙන්න බීලා, දරුවන්ට පොලු පාර දෙන එක වළක්වන ක්‍රමයක් ගැන මේ මූසලයින්ට කවදාවත් සිහිපත් වෙලා නැත…..

ඒ උනාට ගෑණියෙක් අඩියක් ගැහුවොත් ඔන්න ටා හුඩු…..!….. මාතෘත්වය කෙළෙසනවාය….. ගෑණු ජීවත් වෙන්න කවදා හරි පැටවු ගහලා, ඒ පැටවුන්ගෙ සුභ සිද්ධිය සළසන්න පමණි…… ඒ ඇර උන්ට වෙන ජීවිතයක් නොතිබිය යුතුය……

මේ රටේ මාතෘත්වය කෙළෙසෙන එක ගැන මෙච්චර වද වෙන්නෙ, මෙරට මව් වරුන් කුසෙන් බා ඇත්තෙ හරි සුවඳ හමන මිනිස්සු නිසා විය යුතුය…… ලෝකයේ දූෂිතම රටවල් අතරින් එකක් වන, තුන් වතාවක් තමන්ගේම රටේ උතුරේත්, දකුණේත් තරුණ පරම්පරාව අමු අමුවේ බාබකිව් දමා “මිනී කන දේශයක්” ලෙස ප්‍රකට, අක්කර ගණන් දිග මානව හිමිකම් කඩ කිරීමේ වාර්ථා ලෝකය පුරා ගොඩ ගැහිච්ච රටක් හැදූ පුරවැසියන්ගේ මාතෘත්වය බටහිරින් එන හුළං පොදක් වත් වදින්න නොදී ආරක්ෂා කළ යුතුය….. ඒක ඒ තරමට උතුංය……

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...