Technology 

CES 2018 ප්‍රදර්ශනයේදි දකින්න ලැබුන කාගේත් අවධානය ලබාගත් හොදම නිපයුම්

Reading Time: 2 minutes

CES හෙවත් Consumer Electronics Show ප්‍රදර්ශනය යනු ලොකයෙ පැවත්වෙන නව ඉලෙක්ට්‍රොනික උපාංග පිලිබද පැවැත්වෙන සුවිශාලම ප්‍රදර්ශනයයි.ලොකයේ ඇති දැවැන්තම තාක්ශණික සමාගම වන නව නිපයුම් එම ප්‍රදර්ශන භුමියේදී දැකගැනීමට අපිට හැකියාව ලැබෙනවා.2018 වසරේදිත් මේම ප්‍රදර්ශනය ඇමරිකාවේ ලාස්වේගස් නුවර Convention Center හිදි පැවැත්වුනා.මේ ලිපියෙන් අපි ඔබට ගෙන එන්නේ මෙම ප්‍රදර්ශනයේදී දකින ලැබුන හොදම සහ හැමොගේම අවධානය දිනාගත් නිපයුම් කිහිපයක් ගැනයි.2018 අවුරුද්දේ නිකුත් කිරීමට නියමිත නව තාක්ශණික උපකරනද මෙම ප්‍රදර්ශනයේදී දැකගැනීමට හැකියාව ලැබෙනවා.

vivo නවතම දුරකථනය

vivo 

මෙම ප්‍රදර්ශනයේදී වැඩිම අවදානය ලබාගත් උපකරන අතරට vivo සමාගම නිපදවන ලද දුරකථනයේ තිරය මතම ඇගලි සලකුණ තැබිය හැකි නවතම දුරකථනය කාගෙත් අවධානයට ලක්වූවා.ලෝකයේ ඇති දැවැන්තම ස්මාර්ට්ෆෝන් ෆෝන් සමගම් වන සැම්සුන්ග් සහ ඇපල් සමාගමටවත් මෙම ක්‍රියාව සිදුකිරීමට නොහැකි වුවත් vivo සමාගම මෙම
අභියෝගය ජයගෙන තිබුනා.කැපැසිටුව් ෆින්ගල් ප්‍රින්ට් සෙන්සර් එකක් ලෙසම ක්‍රියාකරනා මෙම තිරය මත ඇති ෆින්ගල් ප්‍රින්ට් සෙන්සර් එකද ක්‍රියාකරයි.මෙම දුරකථනයේ OLED තිරයක් යොදාගෙන ඇති අතර දුරකථනයද මානා නිමවාක් සහිතව bezel less smartphone එකක් ලෙස නිමවා තිබුනා.

Razer Project Linda ලැප්ටොප් පරිගණකය

ලින්ඩා පරිගණකය

Razer සමාගම නවතම සංකල්පයක් හදුන්වාදෙමින් Linda නමින් නව පරිගණකයක් හදුන්වාදෙනු ලැබුවා.මෙය අගල් 13 ක 120Hz සහිත කීබොඩ් එකක් සහ බැටරියක් සහිත ලැප්ටොප් උපාංගයකි.මෙහි trackpad වෙනුවට Razer සමගමේ ස්මාර්ට් දුරකථනය භාවිතාකීමට හැකියාව ලැබෙනවා.trackpad එක තබන ස්ථානයේ ස්මාර්ට් දුරකථනය තැබුවිට පරිගණකය ස්මාර්ට් දුරකථනයේ ප්‍රොසෙසර් එක සහ රැම් එක ලබාගනිමින් පරිගණකය ක්‍රියාකිරීමට හැකියාව ලැබෙනවා.එමෙන්ම ලැප්ටොප් දඑකෙහි බැටරිය පවර් බැන්ක් එකක් ලෙස ක්‍රියාකර දුරකථනය චාර්ජ් කිරීමත් සිදුකරනවා.

Samsung “The Wall”

Samsung Wall

සැම්සුන්ග් ආයතනය නවතම Micro LED තාක්ශණය සහිත bezel-less අගල් 146 ක දැවැන්ත රුපවාහිනියක් හදුන්වාදෙනු ලැබුවා.OLED තාක්ශණයට වඩා අඩු විදුලිබලයක් සහ වැඩි වර්ණ ප්‍රමාණයක් පෙන්විය හැකි මෙම රුපවාහිනිය අනාගත රුපවාහීනිය ලෙස සැම්සුන්ග් සමාගම හදුවා දෙනු ලැබුවා එලෙසම ඔව්න්ගේ ක්ෘතිම බුද්ධියක් සහිත පුද්ගල සහයක යෙදුම වන “bixby” සැම්සුන්ග් tv සමගද භාවිතා කිරීමට හැකියාව ලැබෙන බව පැවසීය.

Googel smart displays

smart display with google assistant

Google සමාගම CES ප්‍රදර්ශනයේදී ඔවුන්ගේ Google Assistant සදහා වැඩි ඉඩක් ලබාදී තිබුනා.ඔව්න් නවතම උපාන්ගය වන Googel smart displays ලගදීම වෙළඳපොලට හදුවාදෙන බව පැවසීය මෙය smart home සංකල්පය සදහා Google සමාගම පිවිසීමක් ලෙසයි බොහෝ දෙනා පැවසුවේ.Google smart Display එකේ ක්‍රියා කරන්නේ google Assistant වේ googl home ක්‍රියාකරනවා මෙන්ම මෙයටද ක්‍රියා කිරීමට හැකි අතර එහි ඩිස්ප්ලේ එකක් තිබීම විශේශත්වයකි.

google වැඩි වධානයක් ලබා දුන්නේ Google Assistant

එමෙන්ම ඉදිරියෙදී පැමිණෙන IoT තාක්ශණයට ගැලපෙන ලෙස මෙය නිපදවා ඇත.එමෙන්ම google අයතනයේ ප්‍රදර්ශන කුටියේ කුඩා නගරයක ආක්ෘතියක් නිර්මාණය කර තිබුනි මෙහි විවිධ ස්ථානවන නගරයක තොරතුරු සෙවීමට Google Assistant යොදාගන්නා ආකාරය අපුර්ව ලෙස නිර්මානය කර තිබින.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...