Sport 

සාර්ථකත්වයේ සෙවණැල්ලට ලසිත් මාලිංග ආපු හැටි

Reading Time: 1 minute

ලසිත් මාලිංග කියන්නේ නිතරම කතා පුවත් මවන චරිතයක්.පහුගිය කාලේ ෆිට්නස් ගැන දයාසිරි ඇමතිතුමා එක්ක ගිය කතා බහ නිසා මාලිංග ගැන ලංකාවම කතා වුණා.පසුගිය තරඟාවලි කිහිපයේදීම මාලිංගට ශ්‍රී ලංකා එක්දින පිලේ අවස්ථාව හිමිවුණේ නෑ. හතුරුසිංහ තොරගත්ත 23 ගේ සංචිතයටත් ඇතුළත් නොවී හිටපු මාලි පුහුණුවීම් වලදි දැල් තුළ පන්දු යවන්න කැමැත්තෙන්ම ඇවිත් බුණා.මාලිංග ටීම් එකේ නැති එක ගැන බළධාරීන් නම් කියන්නේ එයාව විවේක ගන්නවලා කියලා.

කොහොම වුණත් මේ කියන්න යන්නේ මාලිගේ ක්‍රිකට් ජීවිතය ගැන නම් නෙමෙයි. මාලිංගට ලැබුණු ලොකු අවස්ථාවක් ගැනයි.ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මගින් සංවිධානය කරනු ලබන ‘සාර්ථකත්වයේ සෙවණැල්ල‘ නම් වැඩමුළුවේ ප්‍රධාන කථිකයා බවට පත්වූයේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගයි.

බාධක හමුවේ ඉදිරියට යමින් වෘත්තීය ජීවිතය සකසාගන්නේ කෙසේද? පීඩනයන් හමුවේ සාර්ථකත්වය ළඟා කරගන්නේ කෙසේද වැනි අරමුණු ඔස්සේ මෙම වැඩමුළුව පැවති අතර ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයෙකු ලෙසින් ලසිත් මාලිංගගේ ඇත්දැකීම් සිසුන් සමග බෙදා හදාගැනීමද මෙහි තවත් අරමුණක් වුණා.

 

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...