Local 

දරුවාට සපත්තු යුගලක් මිලදී ගැනීමට බයිට් විකුණමින් සිටි අසරණ මවක් දුටු තරුණයෙක් කල උතුම් ක්‍රියාව

Reading Time: 1 minute

අද සමාජය කොතරම් තරඟාකාරි වී තමන් ගැන පමණක් සිතුවත් සැම අඳුරු වළකුලකම එක රීදීරේකාවක් ඇතැයි යන කියමන සනාත කරමින් අන් අයගැන සිතන පුදගලයන්ද සිටිති.අපරට මේ කතාව ඇසෙන්නේ සමජ මාධ්‍යව වලිනි.එක්තර තරුණැයෙක් ආහාර ගැනිමට පානදුර මාතර බත්කඩය ලඟ තම රථය නවත්වා ඇත එවිට අම්මා කෙනෙකු මුරුකු ටිකක් රැගෙන ඇවිත් මේ තරුණයාට කියලා තියෙනවා, මුරුකු පැකට් එකක් ගන්න කියලා ඒ එයාගේ පුංචි ළමයට ස්කොලේ දාන්න සපත්තු දෙකක් ගන්න, මේ ගැන හොයලා බලපු තරුණයා මේ අම්ම වෙනුවෙන් ඒ කුඩා දරුවාට සපත්තු කුට්ටමක් අරන්දී ඇත ඔහුගේ මෙම උතුම් ක්‍රියාවට BATA ආයතනයේ කාර්‍යමණ්ඩලයද එකතුවී ඇත.

දරුවාගේ අනන්‍යතවය ප්‍රසිද්දියේ හෙලිකිරිම ඒ දරුවට යම් ගැටලුවක් ඇතිවිය හැකි නිසා බොඳකර ඇත

පානදුරේ මාතර බත් කඩේ ගාවින් කාර් එක නැවැත්තුවේ බඩගින්න වැඩි කමටමයි. වාහනෙන් බහිනකොටම ළඟට ආපු මේ අම්මා මට කිව්වේ “මහත්තයෝ මේ මුරුක්කු පැකට් එකක් ගන්න පුලුවන්ද? මේ දරුවට ඉස්කෝලේ දාන්න සපත්තු දෙකක් ගන්න සල්ලි නෑ” කියලා. බලනකොට ඒ දරුවා අද ඉස්කෝලේ ගිහින් නැත්තේ සපත්තු දෙකක් නැති නිසා. ඉතින් දෙපාරක් හිතන් නැතිව මම ඒ දරුවට සපත්තු දෙකක් අරන් දෙන්න හිතුවා. අපි ගියේ පානදුරේ BATA ආයතනයට. යන අතර මග මා විසින් කළ විමසීමකදී මට දැන ගන්න ලැබුනා මේ දරුවා මතුගම පාසලක නව වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන වගත්, පන්තියේ ළමුන් 25 දෙනෙකු අතරින් පන්තියේ අට වැනි ස්ථානය ලබා ගන්නා බවත්.

BATA ආයතනයට ගිය අවස්ථාවේ එම කළමනාකාර තුමා විසින් ඔවුන්ට උදෑසන ආහාරයද ලබා දුන්නා. එමෙන්ම මා හට එම සපත්තු කුට්ටම සඳහා වට්ටමක්ද, සපත්තු මේස් යුගලයක්ද නොමිලයේ ලබා දුන්නා. තාත්තා ලොතරැයි විකිණුවත් මේ දරුවාගේ අධ්‍යාපනයට නම් කිසිම මුදලක් දෙන්නේ නෑ කියලයි ඒ අම්මා අපිට කිව්වේ.

අම්මට දුරකතනයක් නෑ. ඒත් තාත්තාගේ දුරකතනයෙන් මට කතා කරලා අවශ්‍ය දෙයක් තියෙනවා නම් ඉල්ලන්න කියලා මම කිව්වා. උදව් කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මට කියන්න..

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...