Sport 

දකුණු අප්‍රිකාව ඉන්දියාවේ රෙදි ගලවයි ඉන්දියවට අන්තපරාජයක්

Reading Time: 2 minutes

ද.අප්‍රිකා ඉන්දියා පලමු ටෙස්ට් තරගයේ හතරවන දිනය ආරම්භ කරන විට අප්‍රිකාව 62/2. එහෙත් බුම්රා සහ ශමීගේ අනර්ග පන්දු යැවීම හමුවේ ලකුනු 130 ඔවුන් දැවී ගියා. එවිට කෝලි සිතුවේ ජයග්‍රහනය ඔවුන්ගේ අතේ බවයි. නමුත් අප්‍රිකාවට පල්මු ඉනිමේ වාසිය 77 තිබීම ඉන්දියාවට අභියෝහයක් වුනා. නායක කෝලිගේ විවාහයෙන් පසු පලමු තරගය වන මෙය ඔහුට හොඳ එකක් වූයේ නෑ. පලමු ඉනිමේ මෙන්ම දෙවන ඉනිමේද ඉක්මනින් දැවී ගියේ ලංකාවට දැමූ සෙල්ලම් පුස්සක් කරමින්. පිලෙන්ඩර ඉන්දියාවේ ඉනිම සුනුවිසුනු කලා.

ලකුණු 42 ට කඩුලු 6 ක් ලබා තරගයේ වීරයා වූයේ තරගය පුරා කඩුලු 9 ක් ලබා ගනිමින්. සුපුරුදු පරිදි ඉන්දියානුවන්ගේ භූමියෙන් පිට ජයග්‍රහන සිහිනයක් යන්න ඇත්තක් කරමින් තරගය දින 4 කින් අවසන් වූයේ තුන්වන දිනය සම්පූර්ණයෙන් වැස්සෙන් සේදී ගිය නිසා. එසේ නැතිනම් ඊයේ දිනයේදී තරගය අවසන් වනවා. ඉන්දියානුවන් වැඩි වැඩියෙන් තම භූමියේ තරග සංවිධානය කරගන්නේ ජයග්‍රහන සදහයි.

ඉන්දියාව ද. අප්‍රිකාවට පැමිනීමට පෙරම බියෙන් සිටියේ ඔවුන්ට වේග තනතිලිවල ක්‍රීඩා කිරීම ඉතා අපහසු නිසයි. ලංකාව එයට අත්හදා බැලීමට යෝදා ගැනීමට ගොස් දර්මශාලාවේදී එකා පිට එක දැවී ගියේද මේම වේග තනතිලි බීතිකාව නිසායි. ඉන්දිය ක්‍රිකට් ඉතිහාසයේ රෙදි ගැලවුන දිනයක් ලෙස අද නම් කල හැකි. ඒ කෝලි ලකුනු නොලබා ගතහොත් ඔවුන්ට ජයග්‍රහන නැතිවන අතර වේග තනතිලිවල ක්‍රීඩා කල නොහැකි කණ්ඩායමක් ලෙසත් තමන්ගේ රටේ තරග වැඩියෙන් සංවිධානය කරගන්නේ කෘතිම සුපිරි බාවයක් පෙන්වා ගැනීමට බවත් මෙයින් හෙලිවනවා

දකුණ් අප්‍රිකාව පළමු ඉණිමය කඩුලු සියල්ල දැවී ලකුණු 286 ලබාගැනීමට සමත්විය.පිලිතුරු ලෙස ඉන්දීය කණ්ඩායමට සියල්ල දැවී ලබාගත හැකිවූයේ ලකුණු 209 පමණි.ඉන්පසුව දකුණු අප්‍රිකාව තම 2 වන ඉණිමට ලකුණු 130 සියල්ල දැවී ලබාගත්තේය දකුණු අප්‍රිකා ක්‍රිඩක AB de Villiers ලකුණු 35 ලබාගත් අතර Bumrah ගේ පන්දුවක දැවීගියේය.අරම්භක පිත්කරුවන් යුගල වූ Aiden Markram සහ Dean Elgar ලකුණු 34 සහ 25 බැගින් ලබාගත්හ.Jasprit Bumrah සහ Mohammed Shami විකට් 3 බැගින් ද Hardik Pandya සහ Bhuvneshwar Kumar විකට් 2 බැගින් ලබාගත්ත.

ඉන්දියාවට ලකුණු 207 ක ඉලක්කයක් ලැබුනත් ඉන්දියාවට ලබාගත හැකිවූයේ ලකුණු 135 ක් පමණි.ඉන්දීය ඉණිමේ ලකුණු 30 කට වැඩි ප්‍රමාණයක් ලබගත හැකිවූයේ පන්දුයවන්නෙක් වූ Ravichandran Ashwin ට පමණි.ඔහු ලකුණු 37 ලබාගත්හ.විරාට් කොලිට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 28 ක් පමණි.පන්දු යැවීමේදී සුපිරි පන්දු යැවීමක් කල Vernon Philander විකට් 6 ක් දවාගැනීමට සමත්විය.Morne Morkel සහ Kagiso Rabada විකට් 2 බැගින් දවාගන්න සමත්විය.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...