Local 

KFC එකෙන් ලේ සහිත අමු මස් දීලා

අද බොහෝ පිරිසක් කාර්යබහුල තත්වය හමුවේ වගේම ප්‍රනීත ආහාර වල රස බැලීම සඳහා ද ක්ෂණික ආහාර රටාවන්ට හුරුවී තිබෙනවා. මේ හේතුවෙන්ම අවන්හල් වලින් උදේට දවල්ට සහ රාත්‍රියටත් ආහාර ගන්න පුරුදුවෙලා තියෙනවා. මෙහෙම තුන් වේලටම ආහාර ගන්න පුරුදු වෙලා ඉන්න ඇතැමුන් එහි සුරක්ෂිතතාවය පිලිබඳ වැඩියෙන් සිතන නිසාම KFC වැනි සුපිරි අවන්හල් වලින් ආහාර ලබා ගැනීමට පෙළඹෙනවා.

KFC කියන්නේ ජාත්යන්තර මට්ටමේ සමාගමක්. චිකන් වැඩ කෝටියයි කියල තමයි කියන්නේ. සාමාන්‍ය අවන්හල්වලට වඩා මිලෙන් වැඩි වුවත් රසය මෙන්ම එහි සුරක්ෂිතතාව සහ පිරිසිදු කම නිසාම ඔබත් මෙවැනි සුපිරි අවන්හල් වලට යාම සමහර වට පුරුද්දක්ම වෙලා ඇති. එහෙම ගිය අපේ කොල්ලෙක්ට චිකන් වැඩ කොටිය අතරේ නරක්වුණු චිකන් දීල වෙච්ච දෙයක් ගැන වීඩියෝවක් පසුගියදා අන්තර්ජාලයේ එක්වී තිබුනා.

එහි සඳහන් වනුයේ, කෙනෙකු KFC එකෙන් online order එකක් දමා, ඔහුට ලැබුණු එම order එකේ තිබුණු KFC chicken එකේ ලේ සමග මිශ්‍ර වී තිබීමත්, ඒ සමගම ඔහු එය රැගෙන ලඟම තිබෙන KFC අවන්හලකට ගිය විට එහි සේවය කරන පුද්ගලයා විසින් එම වැරැද්ද පිලි නොගෙන, “නැවත මුදල් ලබාදීමක් හෝ අලුත් එකක් දෙන්නම්” යනුවෙන් පැවසීමයි.

වගකිවයුතු පිළිගත් අවන්හලක් හැටියට ඔවුන්ගේ මෙම ක්‍රියාව අනුමත කර හැකිද…?අපෙන් කි දෙනෙකුට මෙසේ සිදුවන්නට ඇත්තද..?මේ පිළිබඳව කතා නොකර සිටීමෙන් මෙම සිද්ධි නැවත නැවතත් සිදු වීම වලක්වාගත හැකිද..?වැරදීම් නම් මිනිසුන් අතින් වනවා. නමුත් ආයතනයකට මෙන්ම එහි රැකියාව කරන සේවකයින්ට වගේම පාරිහෝගික ඔබටත් තමන් ලබා ගන්නා දේ පිලිබඳ

වගකීමක් තිබෙනවා.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...