Entertainment 

මිලියන 3.8 අතුරුපස ගැන මිනිසුන් කියන දේවල්වලට සංගා දුන් අපූරු පිළිතුර

Reading Time: 1 minute

නුවරඑළිය ග්‍රෑන්ඩ් සංචාරක හෝටලය විසින් පසුගිය බදාදා (ජනවාරි 03) හඳුන්වා දෙන ලද “Marry Me” (“මගේ අත ගන්න”) ලෙස නම් කර ඇති අතුරුපසෙහි වටිනාකම රුපියල් ලක්ෂ තිස් අටකි.අතුරුපසක් සඳහා එවැනි අධික මිලක් වැය කිරීම හෙලා දකිමින් සමාජ ජාල ගිණුම් හිමියන් විශාල වශයෙන් අදහස් දක්වා තිබෙන ආකාරය දැකගත හැක.

ඒ අතරින් වැඩි දෙනෙකු පවසා තිබුණේ අතුරුපසක් සඳහා එවැනි මුදලක් වැය කරනු වෙනුවට ඉන් දුගී පවුල්වල කුසගිනි නිවිය හැකි බවය.කෙසේ වෙතත් ට්විටර් සමාජ ජාලය මගින් “පැරා” පවසා තිබුණේ “මොන තරම් විශාල මුදල් නාස්තියක් ද, අතීතයේ තම පුණ්‍ය කටයුතු මගින් විශාල වැඩ කොටසක් සිදු කළ සංගක්කාර මේ වගේ දේකට සහභාගි වීම නිවැරදි යයි සිතීම විශ්වාස කරන්නත් බැහැ,” යනුවෙනි.එයට පිලිතුරු දැක්වූ කුමා සංගක්කාර පැවසූවේ.”Marry Me” අතුරුපස පළමු වරට හඳුන්වා දීම පමණක් එහිදී සිදු වූ බව ට්විටර් පණිවුඩයක සඳහන් කරන සංගක්කාර එදින කිසිවකුත් ඒ සඳහා මුදල් වැය නොකළ බව කියා සිටී.

තවදුරටත් අදහස් දැක්වූ කුමාර සංගක්කාර පැවසුවේ මේ පිලිබද අදහස් දක්වන බොහෝ පුද්ගලයන් හෙඩ්ලයින් එකට පමණක් අවධානයට ලක්කර ඇතිබවයි එහි සැබැ තොරතුරු මග ඇරී ඇතිබවයි

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...