Entertainment 

හැරීපොටර් ඉපදුනේ ලංකාවේ වසර 22 පසු හැරීපොටර් ගැන සත්‍ය හෙලිඑවේ

Reading Time: 1 minute

හැරීපොටර් කතාමාලව යනු ලොකයේ බල මහලු සියලු දෙනා එකසේ ආදරය කරනා අපූරු කතාමාලාවකි.J.K රෝලින් විසින් රචිත මෙම විශිෂ්ඨ ක්ෘතිය මේවන විට චිත්‍රපට 8 කටත්,භාශ 300 අධික ප්‍රමාණයකට පරිවර්ථනයක වී ඇති ග්‍රන්ථමාලවකි.මෙම කතවට පාඩ්ජක වන්නෙ මව පියා දෙදෙනාම ලොකයේ බිහිවූ අතිභායනක මායාකරුවෙකු අතින් ඝාතනයට ලක්වී කිසිම හව්හරණැක් නැතුව ලොකයට උපත ලබනා හැරි ජේම්ස් පොටර් නම් කුඩා දරුවෙකි.එංගලන්තයේ ජිව්වත් වන j.k රෝල්න්ග් විසින් රචන්නා කර ඇති මෙම ක්ෘතියට පාදක වී ඇත්තේ ශ්‍රි ලංකික දරුවෙකු පිලිබඳ සත්‍ය කතාවක් කිවහොත් ඔබ පුදුම වෙයි…ඇත්ත මෙයයි…හැමෝම බටහිර කතාවක් ලෙස සිතා සිටින හැරිපොටර් ඉපදී ඇත්තේ ශ්‍රී ලංකාවේ ගාල්ල ප්‍රදේශයෙදීය..මේ පිලිබදDamith Kethaka  මහතා විසින් ලියන ලද පරීක්ෂණාතිමක ලිපියක් පහත දැක්වේ

“හැරී පොටර් උපන්නේ ලංකාවෙ කියලා මට සාක්ෂි ඇතුව පෙන්වන්න පුලුවන්…..මෑතකදී මම සොයා ගත්තු පුස්කොළ පොතක සහ සෙල් ලිපි දෙකක මෙහෙම කොටලා තිබුණා……
“එකු පුතු ශොබන ලිලිය කඩුසු ජෙම්ස පොටර හැරි ඉද හෙළෝ දිවි ජනම දිනි “

මේකෙ තේරුම :එකු පුතු – එකම පුත්‍රයා

ශොබන ලිලි කඩුසු ජෙම්ස පොටර – ශෝභමාන වූ ලිලී සහ කඩවසම් ජේම්ස් පොටර් යන දෙදෙනාගේ

හැරි – හැරී

ඉද හෙළෝ දිවි ජනම දිනි – මේ හෙළය නම් දූපතේ ජන්මය ලද්දේය

තව තැනක මෙහෙම සඳහන් උනා….

“රකුසු මයු නයු සිවු දනෝ මහරු ග්‍රිෆිදුරු, මහරු රවණකලු, මහරු සලසරු, මහරු හෙල්ගු ඉද පසලෝ හොගු පිණිස කර සිස් ලෝ”

මේකෙ තේරුම තමයි –

“රකුසු මයු නයු සිවු – රාක්ෂස මායාකාර නායකයන් සිවු දෙනා වන

මහරු ග්‍රිෆිදුරු – මහ ඇදුරු ගොඩ්‍රික් ග්‍රිෆින්ඩෝ
මහරු රවණකලු – මහ ඇදුරු රොවීනා රේවන්ක්ලෝ
මහරු සලසරු – මහ ඇදුරු සැලසා ( ස්ලිදරින් )
මහරු හෙල්ගු – මහ ඇදුරු හෙල්ගා හෆ්ල්පෆ්

ඉද පසලෝ – මේ පාසැල
හොගු – හොග්වට්ස්
පිණිස කර – පින් තකා සාදවා
සිස් ලෝ – ලොව පුරා සිසුන් වෙනුවෙන් “

හොග්වාර්ට්ස් පාසල

මේ හොග්වට්ස් පාසැල තිබුණු බවට සාක්ෂි තියෙන්නෙ වත්මනේ “ගාල්ල” නමින් හඳුන්වන ප්‍රදේශයේ……අදටත් ගාලු කොටු පවුරේ සැඟවුණු සාක්ෂි බොහොමයක් තියෙනවා මේ ගැන……මේ සාක්ෂි වසන් කරන්න තමයි ගාල්ලෙ කොටුවෙ එක්තරා බාළිකා විද්‍යාලයක් ඒ සාක්ෂි තිබෙන භූමියට උඩින් සුද්දෝ හදලා තියෙන්නෙ……අපි ඒකෙ කැණීම් කරන එක වළක්වන්න……හෙළයේ උපන් මේ මහා මන්ත්‍රාචාරීන්ගේ උරුමය පර සුද්දෝ අපෙන් පැහැර ගෙන, ජේ.කේ.රොව්ලින් නම් වංචනික ගැහැණියක් සතු කොට පවරා, උන්ගේ දේවල් වගේ අද ලොවට කියනවා…….

තව පුස්කොළ ඡේදයක මෙහෙම තියෙනවා…..”රොනු හමිනි දිනියේ ඉද දනවු දනු ”

“රොනු – රොන්,හමිනි – හර්මයිනි,දිනියේ – දිනා ගත්තේ,ඉද – මෙහි,දනු – දනව්වේ,දනු – දැන ගන්න

ඔය හැරී පොටර් පොත් පෙළේ අන්තිමට කියන මහ ලොකු “ප්‍රොෆසි” එකත් අපේ දෙයක්…..ඒක මුලින් ගොඩවායෙ සෙල් ලිපියෙ තිබ්බෙ මෙහෙම …..” එකු අනෙකු රඳ නොරඳ” – ඒ කියන්නෙ එකෙකු අනෙකා ජීවත් වෙන තෙක් ජීවත් විය නොහැක…..”ඩක ලොඩ වොල්ඩු මිනි හිස සපු නුබ දවන දින ඩුම්දෝ මහ නා මියෙදු “ කියලත් එකක් තිබුණා…..ඒ කියන්නේ

“ඩක ලොඩ – ඩාක් ලෝඩ්
වොල්ඩු – වොල්ඩ්මෝට්
මිනි හිස සපු නුබ දවන – මිනී හිස සහ නාගයා සහිත ලකුණ අහසේ දිදුළන දිනෙක
ඩුම් දෝ මහනා මියෙදු – ඩම්බ්ල්ඩෝ මහ නා හෙවත් විදුහල්පති මිය යයි “

ඕන පර සුද්දෙකුට, සුදු වෙස් ගත් ගැත්තෙකුට මාත් එක්ක විවෘත වාදයකට මම අභියෝග කරනවා…….හැරී පොටර් උරුමය හෙවත් ඔහු උපන් “අම්බ භූමිය” පර සුද්දන්ට “ක්ලේම්” කරන්න මම ඉඩ තියන්නෙ නෑ……..එංගලන්ත මතය හිසින් ගත් කලු සුද්දන්ටත් අභියෝග කරනවා වාදයට එන්න කියලා……”

——-උපුටා ගැනීම අවසන්———————–

හෙන ආතල් නේද ඔන්න ඔහොම තමා ශ්‍රී ලංකාවේ බුදුන් ඉපදුනා කිය කියා ලොක්කේ නැති ලොජික් දෙශනකරමින් පොත් ගහ ගහ මිනිසුන් මුලාකරන අයත් කරන්නේ…කිසිම දෙයක් නොදන්න අයට ලොකුවට අමු බොරු දෙසාබානවා…ඇත්ත තෙරුම් අරන් ජිවත් වෙන්නෙ….මේවගේ සුපිරි ලිපියක් ලිව්වට Damith Kethaka මහතාට ගොඩක් ස්තුති…අපේ කට්ටියගේ ඔලුපාදන්න මහන්සිවෙනවට

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...