Local 

විදේශ කාන්තාවන් දෙදෙන්ක්ට නොහොබිනා වැඩක් කර ලංකාවේ නම කැ කොන්දොස්තර

Reading Time: 1 minute

සමහර මිනිස්සුන්ගේ වැඩ නිසා ලංකාවේ කීර්ති නාමයටත් හානි වෙනවා. සංචාරකයින්ගෙන් ඉතාම අසාධාරණ විදියට මුදල් ගරාගන්න අය නිසා අායෙත් ලංකාවට එන එක ගැන සංචාරකයෝ දෙපාරක් හිතනවා.එ් වගේ අවස්ථාවක වීඩියෝවක් Facebook එකට දාලා තිබ්බා. කොළඹ කොටුවෙ ඉඳන් ගුවන්තොටුපළ දක්වා යන විදේශික කන්තාවන් දෙන්නෙක්ගෙන් රුපියල් 200 ක මුදලක් ලබාගෙන තියෙනවා. සාමාන්‍යයෙන් කොළඹ ඉදන් ගුවන්තොටුපළට යන්න ටිකට් එකක ගණන රුපියල් 50 යි. විදේශීය කාන්තාවන් දෙන්නා දිගින් දිගටම නිවැරදි ගණන 100 ක කියලා කිව්වත් කොන්දොස්තර එ්ක පිළිගන්නේ නෑ. අන්තිමේදී විදේශීය කාන්තාවන් දෙන්නා රුපියල් 200 ක් දෙනවා. ඊයේ (04) හවස 5.00ට විතර ND 5998 දරණ බස්රථයේදී තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ.

“බස් රථයේ අංකය – ND 5998.,බස් පැමිණිලි සදහා දුරකථන අංකය – 0115559595.
මේ ගුවන්තොටුපළ -කොළඹ බස් රථයේ අද හවස 5ට පමණ සිදුවූ සිදුවීමක්.මෙම කොන්දොස්තර මෙම විදෙස් කාන්තාවන් දෙදෙනාගෙන් රුපියල් 200ක් අය කරා.සාමාන්‍යයෙන් ගාස්තුව එක් අයෙකුගෙන් රුපියල් 50ක් පමණ තමයි වන්නේ කොටුවේ සිට ගුවන්තොටුපළ අතර මුළු දුරම ගමන් කරත්.මෙහිදී මෙම කොන්දොස්තර මෙම මගීන්ගෙන් මුදල් ඉල්ලුවේ කපුවත්ත සහ ජාඇල අතරදීයි.මෙම විදෙස් කාන්තාවන් දෙදෙනා පුන පුනා කීවත් රුපියල් 200ක් නොවේ රුපියල් 100ක් ප්‍රමාණවත්් කියා කොන්දොස්තර කනකට වත් ගත්තේ නැහැ . පසුව එම කාන්තාව ටිකට්පතක් ඉල්ලුවත් ඔහු ලබාදුන්නේ නැතිව මගහැර ඉදිරියට ගියා.මා එම අවස්ථාවේදී මෙය වීඩියෝ ගත කර සිටියා මිසක කොන්දොස්තර වරයාට දොස් තැබුවේ නැත්තේ ඔහු වගේම තව වැරදි කරන කොන්දොස්තරලගේ හැටි රටට කියාදෙන්නයි.මෙවැනි මිනිසුන් නිසා තමයි විදෙස් සංචාරකයන් අපේ රටේ සංචාරය කරන්න බයවෙන්නේ.. මම බසයෙන් බැස මේ ගැන බස් රථ හිමිකරුවෙකුගෙන් විදෙස් සංචාරකයන් සදහා සාමාන්‍ය බස් රථ වල වැඩිපුර අය කරගන්නවාද යන්න විමසා බැලූ අතර ඔහු කියා සිටියේ එසේ ගාස්තු වැඩි කිරීමක් විදෙස් සංචාරකයන් සදහා අය කරන්නේ නැති බවත් කොන්දොස්තර මහත්තයා වරදක් කර ඇති බව‍යි.මෙය route permit එක සම්බන්ධයෙන් පවා බලපෑමක් කල හැකි බව ඔහු පැවසූවා.”

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...